spot_img
spot_img
spot_imgspot_img

සැමියා සහ පුත්‍රයා රට යද්දී, බිරිඳ නොඑන ගමන් යයි

පුවත්

විදෙස්

තම සැමියාට සහ පුතාට විදේශගතවීම සඳහා ඔවුන් දෙදෙනා කටුනායක ගුවන්තොටුපොළට ඇරළවා ආපසු සිය නිවෙස බලා යමින් සිටි කාන්තාවක් රිය අනතුරකින් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

ඒ 9 මාර්ගයේ කිලිනොච්චිය සහ අලිමංකඩ අතර දී මහමඟ නිදැල්ලේ සිටි ගවයන් රංචුවක් හේතුවෙන් අද (24) අලුයම අනතුරට පත් ලංගම බසයක් එම කාන්තාව ගමන්කරමින් සිටි වෑන් රථයේ ගැටීමෙන් මෙම අනනතුර සිදුව ඇත.

පොලිසිය පවසන්නේ තුවාල ලැබූ පිරිස කිලිනොච්චි රෝහලට ඇතුළත් කර පසු එම කාන්තාව මියගොස් ඇති බවයි. 08 දෙනකු තුවාල ලබා ඇත. ඒ අතර දරුවන් දෙදෙනෙක් ද සිටිති.  

මෙම අනතුරින් මී ගවයන් 09 දෙනකු ද මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

යාපනය සිට මහනුවර බලා ධාවන වූ ලංගම බසයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles

error: Content is protected !!