spot_img
spot_imgspot_img

Online පනතට පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතැය

පුවත්

විදෙස්

ඔන්ලයින් ආරක්ෂාව සම්බන්ධ පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු ආංශක අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය ලැබී තිබේ.

එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර තිබූ පෙත්සම් සළකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීරණයට අනුව සිදුකළ බව කියන ස‍ංශෝධනවලට යටත්ව මෙම අනුමැතිය හිමිව ඇතැයි පැවසේ.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ අධ්‍යයනය කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය බව විපක්ෂයේ මන්ත්‍රීවරු කමිටුව හමුවේ පෙන්වා දී තිබිණි.

මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මනිත්‍රී  ලලිත් වර්ණකුමාරගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (22) රැස්විය. මෙම අනුමැතිය හිමිව ඇත්තේ එම රැස්වීමේදී ය.

මෙම රැස්වීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය සහ රාජ්‍ය නොවන සංවිධානවල ජාතික ලේකම් කාර්යාලය නියෝජනය කරමින් නිලධාරීහු සම්බන්ධ වූහ.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  ගයන්ත කරුණාතිලක,  එරාන් වික්‍රමරත්න සහ  චන්දිම වීරක්කොඩි යන මන්ත්‍රීවරු මෙම පනත් කෙටුම්පත පිළිබඳ අධ්‍යයනය කර  සංශෝධන සිදු කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වන බවත් මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය කරුණු සංශෝධන විය යුතු බවත් කමිටුවට පෙන්වා දුන්හ.

මේ නිසා මෙම පනත් කෙටුම්පත ඉක්මනින් පාර්ලිමේන්තුවේදී සම්මත නොකර  තවදුරටත් කාලය ලබාගැනීම වැදගත් බව ඔවුහු පෙන්වා දුන්හ.

මේ අනුව මෙම මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කිරීම  කරන බව කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

ඒ අනුව එම පනත සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාවේ මන්ත්‍රීවරුන් බහුතරයකගේ අනුමැතිය හිමිව ඇතැයි දැනුම් දෙමින් එය හෙට පාර්ලිමේන්තුවේ විවාදයට ගනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!