spot_img
spot_imgspot_img

බෙලිඅත්තේ ඝාතනය ගැන සොයන්න, පොලිස් කණ්ඩායම් 06ක්

පුවත්

විදෙස්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේ දී අද (21) උදෑසන වෙඩි තබා පස් දෙනකු ඝාතනය කර ඇත්තේ පැරණි ‍කොන්තරයක් හේතුවෙන් යැයි පොලිසිය කියයි.

තංගල්ල අධිකරණයේ ඇති නඩුවකට පෙනී සිටීම සඳහා පැමිණෙමින් සිටිය දී එම පිරිසට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත.

වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ අපේ ජනබල පක්ෂයේ ලේකම් සමන් ප්‍රසන්න පෙරේරා, හසිත රණසිංහ, සමීර මධුශංක, බුද්ධික රාජපක්ෂ සහ චම්ප්‍රිය ජයතිලක යන පස්දෙනකු බව ද හඳුනාගෙන ඇත.

වෙඩි ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ සිව් දෙනකු මියගිය අතර එක් අයකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

තංගල්ල කුඩාවැල්ලේ දී සිදු වූ ත්‍රිපුද්ගල ඝාතනයකට පළිගැනීමක් වශයෙන් මෙම ඝාතනය සිදු කරන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පවසන්නේ මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා පොලිස් කණ්ඩායම් 06ක් යොදවා ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!