spot_img
spot_imgspot_img

චීනය කෝපයට පත් වේ, තායිලන්ත ජනපති විලියම් ලායි

පුවත්

විදෙස්

තායිවානයේ පැවති ජනාධිපතිවරණයෙන් විලියම් ලායි තේරී පත්වී තිබේ.

මෙම තේරීම හේතුවෙන් කෝපයට පත්වූ චීනය “තායිවානය චීනයේ කොටසක්“ බව අවධාරනය කරමින් ප්‍රකාශයක් නිකුත්කර ඇත.

ජයග්‍රහනයෙන් පසු විලියම් ලායි, “රට නිවැරැදි ඉදිරි මාවතේ ඉදිරියට ගමන් කරනවා. අපි හැරෙන්නේවත් ආපස්සට බලන්නේවත් නැහැ,” මාධ්‍ය හමුවකදී ලෝක මාධ්‍ය වෙත පැවසීය.

පසුව, තායිපේ වීදිවල දස දහස් ගණනක් උද්‍යෝගිමත් ආධාරකරුවන් අමතමින්, ලායි මහතා තම ජයග්‍රහණය ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් ලෙස විස්තර කළේය.

“අපි ඒක කළා. අපේ මැතිවරණයට බාහිර බලවේගවලට බලපෑම් කරන්න අපි ඉඩ දුන්නේ නැහැ. ඒ අපේ ජනාධිපතිවරයා තෝරාගත හැක්කේ අපට පමණක් බව අපි තීරණය කළ නිසා,” ඔහු පැවසීය. මැතිවරණයට පෙර තායිවානය චීනයට චෝදනා කළේ මෙම ක්‍රියාවලියට මැදිහත් වීමට උත්සාහ කරන බවටයි.

ඔහු වාර්තාකරුවන්ට පැවසුවේ බාධා කිරීම් සහ ගැටුම් වලට වඩා සංවාදවලට තමා කැමති බවත්, බීජිං සමඟ සාමය සහ ස්ථාවරත්වය ඉල්ලා සිටින බවත්ය.

තායිවානයේ විශාලතම මිතුරා වන එක්සත් ජනපදය, ලායි මහතාගේ ජයග්‍රහණයට සුබ පැතීමට ඉක්මන් විය. රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ද දිවයිනේ “ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය සහ මැතිවරණ ක්‍රියාවලිය” අගය කළේය.

https://www.bbc.com/news/world-asia-67920532

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!