spot_img
spot_imgspot_img

අධිවේගයේ අනතුරින් මවත් දියණියත් මරුට

පුවත්

විදෙස්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම සිට බද්දේගම අතර ඊයේ (03) රාත්‍රී සිදු වූ රිය අනතරකින් මවක සහ දියණියක මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ, අම්බලන්තොට, බැරගම පදිංචි, ලංකා බැංකුවේ බරවකුඹුක ශාඛාවේ සහකාර කළමනාකාරිය ලෙස කටයුතු කළ  සමරසිංහ කොඩිතුවක්කු ආරච්චිගේ උමේශිකා මධුමි (30) සහ ඇගේ මව එදිරිමුණි රීටා හැරියට් ද සොයිසා (56) යන දෙදෙනාය.

මෙම අනතුර සිදුව ඇත්තේ කුරුඳුගහහැතැප්ම පිවිසුමේ සිට ගාල්ල දෙසට කිලෝමීටර තුනක් දුරිනි.

මියගිය දියණිය තම මව වෛද්‍යවරයකුට පෙන්වා බෙහෙත් ගැනීම සඳහා ලංකා බැංකුවේ සුබ සාධන වෑන් රථයෙන් කොළඹ ගොස් ආපසු එන අතරතුර මෙම අනතුර සිදුව තිබිණි. පොලිසිය පවසන්නේ වෑන් රථය ඉදිරියෙන් ගමන් කළ ලොරියක හැපී අනතුර සිදුව ඇති බවයි.

මව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවත් රෝහල්ගත කරන විට අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ දියණිය අද(04) උදෑසන මියගිය බවත් වෛද්‍යවරු කියති. එම මරණ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ අද (04) දහවල් කරාපිටිය රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!