spot_img
spot_imgspot_img

දරුවන්ට තලා, දෙමාපියන්ට බනින ඉස්කෝලේ, දරුවන්ගේ නිවාඩුවත් උදුරාගනී

පුවත්

විදෙස්

පාසල් නිවාඩු කාලයේ සිසුන්ට නිවාඩුව ගත කිරීමට කිසිම අවස්ථාවක් නොදී සෑම සතියකම පාසලට ගෙන්වාගෙන දෙමාපියන් වෙත අධ්‍යාපන කටයුතු පවරා ඒවා නොකළ විට දෙමාපියන්ට බැණ වදින විද්‍යාලයක් ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ.

ගාල්ලේ උඩලමත්ත මහා විද්‍යාලය මෙසේ පාසල් නිවාඩු කාලයේ දී දෙමාපියන්ට වැඩ පැවරීම සිදුකරයි.

2023 වර්ෂයේ පළමු ශ්‍රේණියේ සිසු දරු දැරියන්ටත් සෑම සතියක ම එක් දිනක් පාසල් පැමිණීම ආනිවාර්ය කර ඇති එම පාසලේ විදුහල්පතිවරයා ගුරුවරුන්ට උපදෙස් දී ඇත්තේ ළමුන්ගේ අධ්‍යාපන කටයුතු දෙමාපියන් වෙත පවරන ලෙසයි.

ඒ අනුව පළමු ශ්‍රේණියේ දරුවන්ට ද සතියක දී නිවසේ සිට සම්පූර්ණ කළ නොහැකි තරම් පිටපත් ලිවීම්, අකුරු ලිවීම්, වෙනත් පැවරුම් ආදිය ලබාදෙන අතර ගුරුවරුන්ගේ උපදෙස වී ඇත්තේ ඒවා තම දෙමාපියන් ලවා කරවාගත යුතු බවයි.

එමෙන් ම ඊයේ (03) මෙම පාසලට පළමු ශ්‍රේණියේ සිසු දරු දැරියන් කැඳවා මෙතෙක් ලබා දී තිබූ නිවාඩු කාලයේ ගෙදර වැඩ අවසන් කළාදැයි ගුරුවරු පරීක්ෂා කර තිබූ අතර බොහෝ දරුවන් ඒවා සම්පූර්ණ කරගෙන පැමිණ තිබුණේ නැත. එම අවස්ථාවේ දී පළමු වසරේ පන්තිභාර ආචාර්යවරු එම දරුවන්ට බැණ වදිමින් පහර දී ඇති අතර දෙමාපියන් දරුවන් කැටුව යාමට පැමිණි අවස්ථාවේ දී ඔවුන්ට ද බැණ වැදී, “අපිට ඉස්කෝලේදී උගන්වන්න බෑ. ඔයාලා දැනගන්න ඕනේ නිවාඩු කාලේ දී මේවා ළමයින්ට කියලා කරවන්න” යැයි ද පවසා ඇත.

පාසල් නිවාඩු කාලය නිදහසේ ගත කිරීමට පළමු වසරේ සිසුන්ට අවස්ථාව නොදී දෙමාපියන්ටත් කරගැනීමට නොහැකි තරම් වැඩ පවරන මේ අමුතු පාසලේ විදුහල්පති ශ්‍රීලාල් ද සිල්වාට අපි කතා කළ විට ඔහු ගත් කටටම කිය සිටියේ එවැන්නක් සිදු නොවූ බවයි. එමෙන් ම මේ පාසලේ දරුවන් නිවාඩු කාලයේ පාසලට නොගෙන්වන බව ද හෙතෙම කියා සිටියේය. ඔහු දිගින් දිගටම මෙම ලේඛකයාගෙන් විමසා සිටියේ මේ ප්‍රශ්නය කිව්වේ කවුද යන්න මිස දරුවන්ට කරන මේ හිංසනය නවත්වන ආකාරයක් ගැන නොවේ.

මේ කරුණ මෙම ලේඛකයා හොඳින්ම දන්නා කරුණක් බව දැනගත් විට විදුහල්පතිවරයා අපට ද තර්ජනය කරමින් කියා සිටියා. “හරි ඔයාල එහෙනම් ඕන දෙයක් කරගන්න. අපි ළමයින්ට උගන්වන එක නවත්වනවා” යනුවෙනි. අපි නිවාඩු කාලේ ළමයි ගෙන්වනවා තමයි. එයාලට උගන්වන එක අපි නවත්වන්නම් යැයි ප්‍රථමයෙන් එවැනි පන්ති පැවැත්වීමක් නොකරන බවට බොරු කී විදුහල්පතිවරයා පසුව කියා සිටියේය.

මේ පාසලේ සෑම සතියක ම අපූරු පූජාවක් ද සිදුකරයි.

පාසලේ සෑම පන්තියක ම සිසුන් පාසලට සතියේ එක් දිනක් කිරි ආහාර සහ දැහැත් විට සහ ඖෂධ වර්ග රැගෙන ආ යුතුය. ඒ පන්තිකාමරවල ඇති මැටියෙන් තැනූ බුදුරුවට පුද පූජා පැවැත්වීමටය.

විද්‍යාලය යනු විද්‍යායතනයක් බවත් විද්‍යාව ඉගැන්විය යුතු ස්ථානයක එවැනි මිත්‍යා විශ්වාසයන්ට දරුවන් හුරු කිරීම නොකළ යුතු නොවේද යනුවෙන් සහ පාසල් විෂය නිර්දේශයට එවැනි දේ අදාල නොවනවා නේදැයි විමසූ විට ද විදුහල්පතිවරයාට මෛත්‍රිය අමතක විය.

“අපි කරන්නේ අපේ ආගම. දරුවන් යහ මගට ගන්නනම් ආගම තියෙන්න ඕනේ. අපි කිරි ආහාර පූජා කරන්නේ නෑ.” යනුවෙන් විදුහල්පතිවරයා කීවේය.

දරුවන්ට කියා කිරි ආහාර සහ ඖෂධ ගෙන්වා පිළිමවලට පූජා කරමින් මරණින් මතු දෙව්ලොව සැපත සොයන උඩලමත්ත මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා හෝ ගුරුවරු දරුවන් පීඩාවට පත් නොකළ යුතු බව දන්නේ නැත.

ඔවුන් දරුවන් නිවාඩු කාලයේ හිංසනයට ලක්කරමින් දෙමාපියන්තටත් තර්ජනය කරයි.

උඩලමත්ත මහා විද්‍යාල‍ය පිහිටි ප්‍රදේශයේ ජනතාව බොහෝ විට එදිනෙදා කම්කරු රැකියාවල, වතු ආශ්‍රිත රැකියාවල සහ ස්වයං රැකියාවල යෙදෙන පුද්ගලයන්ය. වප්‍රදේශයේ පදිංචි දරුවෝ මේ පාසලට එති. ඔවුන්ගේ දෙමාපියන්ට දරුවන්ගේ නිවාඩු කාලයේ දී ගුරුවරුන්ගේ කාර්යය කිරීමට නොහැකි බව මේ විදුහල්පතිවරයා හෝ ගුරුවරුන් ‍ොහ් තේරුම් ගන්නේ නැත.

2 COMMENTS

  1. මේවගෙ ලිපි දාන වුන්ට ගහන්න ඕනි. රස්සාවට ණය නැතුව වැඩ කරන ගුරුවරුන්ට මේ වගේ ලියනවට. දෙමව්පියන්ට උන්ගේ දරුවන්ට උගන්න බැරිනම් ගෙදර තියගන්න කිවුවනම් ඉවරනේ. උන් හැ#ලා දරුවො හදලා ඒ දරුවන්ට උගන්න යද්දි මහ උන්ගෙ ලොකු කම්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!