spot_img

“දේශබන්දු එපා”, ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 04ක්

පුවත්

විදෙස්

වැඩබලන පොලිස්පති ධූරයේ කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් එම ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් හා ඔහු පොලිස්පති ධූරයට පත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත්කරන්න යැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් ගොනුකර තිබේ.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත්, සත්‍ය හා යුක්තිය උදෙසා නීතිඥ සංවිධානය, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් තිදෙනකු සහ අරගලයට සම්බන්ධ සිවිල් ක්‍රියාකාරිකයකු විසින් මෙම පෙත්සම් ගොනුකර ඇත.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අමතරව, ව්‍යවස්ථාදායක සභාව සහ නීතිපතිවරයා මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.

පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකොන් සිය රාජකාරි පැහැර හැර ඇති බව පෙත්සම්කරුවන් පෙන්වා දී තිබේ.  එමෙන්ම පසුගිය අරගල අවස්ථාව් දී ගාලුමුවදොර පිටියේ රැඳී සිටි අරගලකරුවන්ට අමානුෂිකව පහරදෙනු ලැබුවේ ද දේශබන්දු තෙන්නකොන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව කටයුතු කරන අවස්ථාවේ දී මෙම පෙත්සම් මඟින් පෙන්වා දී ඇත.

මේ අනුව රටේ නීතිය ක්‍රියාත්මක කරන රටේ ප්‍රධාන දෙපාර්තමේන්තුවක් හැසිරවීමේ වගකීම ලබාදිය යුත්තේ, මානුෂිය ගුණාංග වලින් හෙබි අයෙකුට බවත් ඊට පටහැනිව ක්‍රියා කළ පුද්ගලයෙකුට එහි වගකීම් පැවරීම සිය මුලික අයිතීන් උල්ලංඝනය කිරිමක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මුලික අයිතිවාසිකම් පෙත්සම්හි වැඩිදුරටත් දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles