spot_img
spot_imgspot_img

ඩෙංගු නිසා රෝහල්ගත වූ සරසවි සිසුවිය, ඖෂධ විෂවී මියයයි ?

පුවත්

විදෙස්

ඩෙංගු වැළඳී රෝහල්ගත කළ විශ්වවිදයාල සිසුවියක් ඇයට ලබාදුන් ඖෂධ විෂවීම හේතුවෙන් මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ අවසන් වසර ඉගෙනුම ලැබූ ගුණරත්නම් සුපිනා නමැති තරුණියකි. උණරෝගය වැළඳීම හේතුවෙන් යාපනයේ තෙලිපලෙයි රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි ඇයට ඩෙංගු රෝගය වැළඳී ඇතැයි තහවරු වීමෙන් පසු යාපනය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබිණි.

එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය ඊයේ (24) මියගියාය. මෙම මරණයට හේතුව ඖෂධ විෂවීමක් බවට සැකයක් ඇති බව පවසමින් ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරු එම තරුණියගේ මළ සිරුර හදිසි මරණ පරීක්ෂණයක් සඳහා යොමුකර තිබිණි.

යාපනය රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයාගේ ඉල්ලීම අනුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ ‍අධිකරණ වෛද්‍යවරයා ඇගේ මරණයට හේතුව ස්ථිරව ම තීරණය කිරීමට නම් පටක සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකර වාර්තාවක් ලබාගැනීමට අවශ්‍ය බැවින් මරණයට හේතුව ඉදිරියේ දී තහවරු කරන බව දැනුම් දී ඇත.

ඒ අනුව හදිසි මරණ පරීක්ෂකවරයා මේ මරණය සම්බන්ධයෙන් විවෘථ තීන්දුවක් ලබා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!