spot_img
spot_imgspot_img

අරුම පුදුම කුරුල්ලෙක් හමුවෙයි

පුවත්

විදෙස්

ගැහැණු සහ පිරිමි ලක්ෂණ සහිත අතිශය දුර්ලභ කුරුල්ලකු නිරීක්ෂණය කර ඇතැයි වාර්තා වේ.

මෙම පක්ෂියාගේ පිහාටුවලින් අඩක් කොළ පැහැති වන අතර අනෙක් අඩ නිල් පැහැයෙන් යුක්තය.

Green Honeycreeper ලෙස හඳුන්වන මෙම පක්ෂිය සත්ව විද්‍යාත්මක ව Chlorophanes spiza ලෙස නම්කර ඇත.  

මෙම පක්ෂි විශේෂයේ පිරිමි සතුන් නිල් පැහැතිවන අතර ගැහැණු සතුන් කොළ පැහැතිය. කොලොම්බියාවේ දී ආධුනික පක්ෂි නිරීක්ෂකයකු විසින් දැක ඇති මෙම අතිශය දුර්ලභ පක්ෂියා පිරිමි සහ ගැහැනු ලක්ෂණ ඇති බව විද්‍යාඥයන් විසින් අනාවරණය කර ඇත.  

පක්ෂි නිරීක්ෂණය කර ඇත්තේ ජීව විද්‍යාඥයකු වන හමිෂ් ස්පෙන්සර් ලබාගත් ඡායාරූප නවසීලන්තයේ ඔටාගෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්ට ලබාදුන් අවස්ථාවේ දී ඔවුන්ගේ තීරණය වී ඇත්තේ මෙම සත්වයා ගැහැනු සහ පිරිමි ලක්ෂණවලින් යුක්ත බවයි.

“එය ඉතාමත් විශ්මයජනකයි. ඒ දසුන දැකීමට ලැබීම විශාල වරප්‍රසාදයක්” ස්පෙන්සර් පවසයි.

එමනිසා, කුරුල්ලා සෑම වර්ණයකින්ම අඩක් වූ බැවින්, එම වර්ණ ලිංගිකත්වයට අනුරූප වන බවට හේතු විය. 

කණ්ඩායම පැවසුවේ කුරුල්ලා ද්විපාර්ශ්වික gynandromorphy සඳහා විශේෂිත උදාහරණයක් වන බවයි. මෙම තත්වය බොහෝ විට පොකිරිස්සන්, කකුළුවන්, මකුළුවන් සහ කෘමීන් ඇතුළු ආත්‍රපෝඩාවන්ගේ දැකිය හැකිය. නමුත් ඉඳහිට කුරුල්ලන් තුළින් ද වාර්තා වී තිබේ.

පක්ෂීන් තුළ මෙවැනි gynandromorphy හටගන්නේ බිත්තර තුළ ඇති වූ විකෘතියක ප්‍රතිඵලයක් වශයෙනි. එවැනි විකෘති වූ බිත්තරයක් එකිනෙක වෙනස් වූ ශුක්‍රාණු මගින් ද්විත්ව සංසේචනයක් සිදු වූ විට මෙලෙස ගැහැනු අර්ධයක් සහ පිරිමි අර්ධයක් සහිත කුරුල්ලන් බිහිවෙයි.

Green Honeycreeper විශේෂයේ ම පක්ෂියකු gynandromorphy  හෙවත් ගැහැනු සහ පිරිමි ලක්ෂණ දරණ බව, අදින් වසර 100කට පමණ පෙර නිරීක්ෂණය කර තිබිණි. නමුත් එම සත්වයා‍ පිළිබඳ වාර්තා සැළකීමේ දී නිල් සහ කොළ පැහැය දක්නට ලැබී ඇත්තේ මෙම පක්ෂියාගේ එම වර්ණ ඇති පැතිවලට ප්‍රතිවිරුද්ධ පැතිවල ය.

විද්‍යාඥයන් පළමුව සැකකළේ මෙම සත්වයාගේ ද්විපාර්ශ්වික gynandromorphy වර්ණයෙන් පෙනී ගිය ද මේ සත්වයා පිරිමි හෝ ගැහැනු වියහැකි බවයි.

මේ නිසා පක්ෂියා වැඩිහිටියකු බවට පත්වන තුරු විද්‍යාඥයන් මාස 21 කාලයක් එම කුරුල්ලා නිරීක්ෂණය කර තිබිණි.

එහි දී අනෙකුත් Green Honeycreeper සමඟ   හැසිරෙන බව පෙනුන ද හොඳින් නිරීක්ෂණය කිරීමේ දී පෙනී ගියේ මේ සත්වයාට යම් යම් ගැටලු ඇති බවයි. පළතුරු මත පැණි උරා බොමින් ජීවත්වන මේ කුරුල්ලා තම ආහාර සඳහා පිවිසෙන්නේ තම රැහේ අනෙකුත් සඟයන් පිටව යන තෙක් බොහෝ වේලා බලා සිටීමෙන් පසුව බව නිරීක්ෂණය වී තිබිණි.

https://www.dailymail.co.uk/sciencetech/article-12860179/green-honeycreeper-photograph-half-male-half-female.html

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!