spot_img
spot_imgspot_img

මිහින්තලේ, බැල මෙහෙවරකම් කළ හමුදාව ඉවතට. හාමුදුරුවන්ගේ සැකය ගැන පොලිසිය කියයි

පුවත්

විදෙස්

මිහින්තලය විහාරාධිපති ඝාතනය කිරීම සඳහා කිසියම් සැකකටයුතු පුද්ගලයකු පැමිණ සිටි බවට ඒ හිමියන් පැවසුව ද එලෙස සැකකරන පුද්ගලයා මිහන්තලය පුද බිමේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා සාමාජිකයකු යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

රජය සමඟ වරින්වර විවිධ ගැටලු ඇතිකරගනිමින් සිටිනි මිහින්තලා විහාරාධිපති හිමි එල්ලකරන මේ චෝදනාව පදනම් විරහිත බව ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

මිහින්තලා පුදබිමේ ආරක්ෂක කටයුතු ඇතුළු සියලු සත්කාර සඳහා නාවික හමුදා නිලධාරියෙක් ඇතුළු 103 දෙනකු, හමුදා නිලධාරීන් 43 දෙනකු සිවිල් ආරක්ෂක භාටයන් 100ක් යොදවා සිටි අතර අද (10) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන් සියලු දෙනා එම භූමියෙන් ඉවත්කිරීමට තීරණය කර තිබේ.

හමුදා නිලධාරීන් යොදවා තමන් ඝාතනය කිරීමට සැළැස්මක් ඇතැයි විහාරාධිපති හිමියන් චෝදනා කිරීම හේතුවෙන් ඉදිරියේ දී ඇතිවිය හැකි ගැටලු නිසා මෙලෙස හමුදා සාමාජිකයන් ඉවත්කර මිහින්තලය පුදබිමේ ආරක්ෂාව පොලිසියට භාර කර ඇත.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ මිහින්තලේ පුද බිමේ සියලු කටයුතු සඳහා දෛනිකව හමුදා සාමාජිකයන් 252ක් යොදා ඇති බවයි. ඔවුන් යොදාගෙන විහාරාධිපති හිමියන් ඇතුළු භාරකරුවන් පස් අද්දා ගන්නා බවත්, සියලු බැලමෙහෙවරකම් කරගන්නා බවත් ඇමතිවරයා පවසිය. පෙ‍ෙසාන් උත්සව කාලයේ මැද මළුවට පස් කියුබ් 150ක් හමුදා නිලධාරීන්ගේ කර මතින් ගෙන ගිය බවත් ඒ සඳහා හමුදාවේ 500ක් යොදවා තිබූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා පවසන්නේ, තමන් ඝාතනය කිරීමට පැමිණ ඇතැයි විහාරාධිපති හිමියන් විසින් චෝදනා කරන යුද හමුදා සාමාජිකයන් දෙදෙනා ඔක්තෝබර් 07 වැනි දා සිට සංචාරකය්ගේ ආරක්ෂාව සහ පිරික්සුම් කටයුතු සඳහා යොදවා සිටි බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ මෙම හමුදා  සාමාජිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිසියේන බවයි. යුද යහමුදාවට සම්බන්ධ අයටවත් නොදන්වා රහසිගතව ඔවුන් පුද බිමේ රැඳී සිටීම නිසා අත්අඩංගුවට ගෙන ඇතැයි ද විපක්ෂ නායකවරයා කීවේය.

නමුත් ආර්කෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ අදහස වෙනකකි. ඔහු පවසන්නේ “ගහන්න ගහන්න වඳින එකත් මෝඩයා, වඳින්න වඳින්න ගහන එකත් මෝඩයා” යනුවෙනි.

“පන්සල අතුගාන එකේ ඉදලා හැමදේම කරන්නේ හමුදාව. හාමුදුරුවන්ව ඝාතනය කරන්න හමුදාවෙන් ආවා කිව්වාම ආයේ ඒ කොල්ලන්ගෙන් අපි මොනවද බලාපොරොත්තු වෙන්නේ. ආණ්ඩුව එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ආණ්ඩුවත් එක්ක බේරගන්න. තවදුරටත් ඔතනට නිලධාරීන් යන්න කැමති නෑ. අපි පැහැදිලිව කියනවා මේ නිලධාරීන් දෙන්නා බුද්ධි නිලධාරීන් දෙදෙනෙක්. ඔවුන්ව දන්නේ නෑ කියන කඑ වැරදියි. ඔවුන් සති තුනක් හමුදාවේ 43 දෙනා එක්ක භූමියේ රාජකාරී කළා. ඔවුන් ඉන්නේ නිල ඇඳුමෙන් නොවෙයි. සිවිල් පුරවැසියන් ලෙසයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ පසුගිය 08 වැනි දා මිහින්තලා භූමියේ රැඳී සිටි සැකකටයුතු පුද්ගලයකු පොලිසිය විසින් පරීක්ෂා කළබවයි. එම අවස්ථාවේ දී ඔහු යුද හමුදා සොල්දාදුවකු බවත් ඔහු මිහින්තලය රජ මහා විහාරයේ රාජකාරී සඳහා යොදවා සිටි පුද්ගලයකු බවත් අනාවරණය වී ඇත.

මෙම සෙබළා නොච්චියාගම පිහිටි යුද හමුදා කඳවුරෙන් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සේනා මූලස්ථානයේ සෙබළකු බව ද තහවරු වී ඇත.

මේ පුද්ගලයාගෙන් පොලිසිය ප්‍රශ්න කළ අවස්ථාවේ දී විහාරාධිපති හිමියන් ද ඒ ගැන සොයා බලා මිහින්තලය පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දී තිබූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.

පොලිස් ස්ථානාධිපතිවරයා ද පුද්ගලිකව ම එම ස්ථානයට ගොස් එම සොල්දාදුවා සම්බන්ධයෙන් සොයා බලා ඇති අතර නොච්චියාගම යුද හමුදා කඳවුරේ මේජර් වරයකු සහ ප්‍රදේශයේ අණදෙන නිලධාරීවරයකු වූ බ්‍රිගේඩියර්වරයකු ද එම ස්ථානයට පැමිණ තිබේ. හමුදා නිලධාරීන් තහවරු කර ඇත්තේ මෙම සොල්දාදුවා සංචාරකයන්ගේ ආරක්ෂාව සහ විහාරස්ථානයේ ආරක්ෂාව සඳහා යොදා සිටි අයකු බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ නිසි පරීක්ෂා කිරීමෙන් හා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව එම සෙබළා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කර ඇති බවයි. එමෙන්ම මේ සිදුවීම සම්බන්ධයෙන් වෙනත් විශේෂ කරුණු අනාවරණය වී නැතැයි ද පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!