spot_img
spot_imgspot_img

ක්‍රිකට් තහනමට හේතු වූ, ශම්මිගේ ලියුම් මෙන්න

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කරන්න යැයි දැනුම් දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා විසින් ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලය වෙත යවන ලද ලිපි තුනක් අපවෙත ලැබී තිබේ.

එම ලිපි යවා ඇත්තේ 2023 නොවැම්බර් මස 06, 07 සහ 09 දිනවල දී ය. මෙම ලිපි ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයාට යවා ඇති අතර එම සියලු ලිපි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය හිමි සියලු රටවල ක්‍රිකට් පරිපාලනය වෙත යොමුකර තිබීම ද විශේෂත්වයකි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම ලිපි සොයාගෙන ඒවා මේ වනවිට මාධ්‍යවෙත ලබා දී ඇති අතර පාර්ලිමේන්තුවේ සභාගත කර තිබේ. ඔහු පවසන්නේ මෙම ලිපි කියවූ විට ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් පැනවූ ආකාරය අවබෝධ කරගත හැකි බවයි.

නොවැම්බර් 06 වැනි දා යවා ඇති ලිපියෙන්, අන්තර් වාර කමිටුව විවේචනයට ලක්කර දේශපාලන ඇගිලි ගැසිමි සිදුවන බව පවසා ඇති බවත් ඇමතිවරයාට බලපෑම් කරන ලෙසත් ඉල්ලා තිබේ. 

නොවැම්බර් 07 වැනි දා යැවූ දෙවැනි ලිපිය මගින් අන්තර් වාර කමිටුව ක්‍රිඩා පනත උල්ලංඝනය කර ඇති බවත් එය ICC ව්‍යවස්ථාවට පටහැනි බවත් යම් හෙයකින් අන්තර් වාර කමිටුවක් පත් කළහොත් ක්‍රිකට් තහනම් කිරීමට සිදුවන බව පවසන ලෙසත් දැනුම් දී ඇත.

තවද 19න් පහල ලෝක කුසලානය, 2024 පැවැත්වෙන ICC ජාත්‍යන්තර සම්මේලනය , T20 තරගය ආදි ක්‍රියාකාරකම් වෙනත් රටක තැබීමට කටයුතු කරන්න යැයි ද ඉල්ලා තිබේ.

නොවැම්බර් 09 වැනි දා යවා ඇති තුන්වැනි ලිපිය මගින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පත්ව ඇති තත්වය සම්බන්ධයේන පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය ක්‍රීඩා ඇමතිගේ මුල පිරීම මත සිදු කල බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය ඉවත් කර ස්වාධීනත්වයට බලපැම් කර ඇති බවත් සදහන් කර ඇත. එසේම ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීමට කටයුතු කරන බවත් එය ICC ව්‍යවස්ථාව පටහැනි බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ලබන ආදායමෙන් 20%ක් ක්‍රීඩා අමාත්‍යාංශයට ඉල්ලා සිටින බවත් ශම්මි ද සිල්වා එහි සඳහන් කර තිබේ.

මෙම ලිපි සම්බන්ධයෙන් අද (19) විශේෂ ප්‍රකාශයක් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ ශම්මි ද සිල්වාගේ ලිපිවල අඩංගු තොරතුරු සාවද්‍ය බවයි. ක්‍රිකට් සම්බන්ධයෙන් පාර්ලිම්න්තුවේ ගත් ක්‍රියාමාර්ගය දේශපාලන ඇඟිලි ගැසීමක් නොවන බවත් ක්‍රිකට් ගජමිතුරු ක්‍රීඩාවක් නොවන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. රටේ ලක්ෂ 220ක ජනතාව ම ආදරය කළ ක්‍රිකට් ක්‍රීඩාව මේ ආකාරයෙන් විනාශ කිරීමට ඉඩ දීමට නොහැකි බව ද හෙතෙම පවසයි.

නොවැම්බර් 06 යැවූ පළමු ලිපිය

නොවැම්බර් 07යවා ඇති දෙවැනි ලිපිය

නොවැම්බර් 09 යැවූ තුන්වැනි ලිපිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!