spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාව අවමන් සහගත පරාජයක් ලබද්දී, දිල්ශාන් වැඩිම කඩුලු ලාභියා වෙයි

පුවත්

විදෙස්

ඉන්දියාව හමුවේ ලකුණු 55කට දැවීගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරඟාවලියේ අවමන් සහගත පරාජයකට හිමිකම් කීවේය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 357ක් ලබාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 55ක් පමණි. ඒ අනුව ඉන්දියාවට ලකුණු 302ක ජයග්‍රහණයක් හිමිවිය.

පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, දුෂාන් හේමන්ත සහ දුෂ්මන්ත චමීර ලකුණු නොලබාම දැවී ගියහ.

කුසල් මෙන්ඩිස් පන්දු 10කට මුහුණ දී ලකුණු 1ක් රැස්කර යළි ක්‍රීඩාගාරයට හැරී ගියේය. ඇන්ජලෝ මැතිවුස් ලකුණු 12ක් රැස්කරගත් අතර වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ ලකුණු 14ක් ලබාගත් කසුන් රාජිතයි.

මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 12ක් රැස්කරගෙන සිටි අතර ශ්‍රී ලංකා කණ්ඩායමට අතිරේක ලකුණු 10ක් ද ලැබී තිබිණි.

මහීෂ් තීක්ෂණගේ ලකුණු 12 සහ කසුන් රාජිතගේ ලකුණු 14 නොවන්නට ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරඟයක දී කණ්ඩායමක් ලැබූ අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී යාමේ අවදානමකට ද මුහුණ දී තිබිණේ මුළු ලකුණු සංඛ්‍යාව 29ක් වෙද්දී 08 වැනි කඩුල්ලත් අහිමිවෙමිනි.

ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක් හිමිවුව ද මෙවර ලෝක කුසලාන තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට අද ඉන්දීය ඉනිමේ ලකුණු 80කට කඩුලු 05ක් දවාගත් දිල්ශාන් මධුශංක සමත්විය. ඔහු මේ වනවිට මේ දක්වා තරඟාවලියේ  තරඟ 07ක දී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 18කි. එමෙන්ම මෙම තරඟාවලියේ දී තමන් යැවූ පළමු පන්දුවාරයේ දී ම කඩුල්ලක් දවාගත් 05 වැනි අවස්ථාව ද වාර්තා කිරීමට ඔහු සමත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!