spot_img
spot_imgspot_img

සීනි බදු වැඩිකරයි, බදු වංචාවක් සිදුව ඇත්දැයි සැකයක්

පුවත්

විදෙස්

සීනි ආනයනය කිරීමේ දී කිලෝග්‍රෑම් 01ක් සඳහා පැවැති ශත 25ක බද්ද අද (02) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 50.00 දක්වා වැඩිකර ඇත.

ඒ අනුව සුදු සීනි කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 256.00 සිට රුපියල් 300.00 සහ 325.00 දක්වා අතර ප්‍රමාණ්‍යකට වැඩිකරන බව ද ආනයනයකරුවෝ කියති.

කෙසේ වුව ද සීනි ආනයනික බද්ද වැඩිකිරීමට පෙර සීනි ආනයනකරුවකු විසින් සීනි මෙට්‍රික් ටොන් 8,000ක් ආනයනය කර ඇතැයි ද එසේ කර ඇත්තේ බදු මුදල වැඩිකිරීමට දින 02කට පෙර දී යැයි ද දැනගන්නට ඇත.

මීට පෙර සුදු සීනි ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා රුපියල් 50.00 ක ආනයනය බද්දක් පැවති අතර එම බද්ද 2020 ඔක්තෝබර් 14 දා සිට ක්‍රියාත්මක වන පරිදි රජය විසින් ශත 25 දක්වා අඩු කරනු ලැබීය.

රජය පවසන්නේ එලෙස බදු අඩුකිරීම හේතුවෙන් ගත වූ වසර 03ක කාලයකට රජයට රුපියල් කොටි 10,000කට වැඩි ආදායමක් අහිමි වී ඇති බවයි. නමුත් මෙවර ද බදු වැඩි කිරීමට පෙර සීනි විශාල තොගයක් ආනයනය කිරීම හේතුවෙන් රජය අපේක්ෂිත බදු ආදායම නොලැබී යන බව ද එහි වාසිය ලබාගන්නේ සීනි ආනයනයකරුවකු බව ආර්ථික විශේෂඥයෝ කියති.

එය තවත් සීනි බදු වංචාවක් විය හැකි බව ද ඔවුන් පවසයි. බදු වැඩිකිරීමට දින දෙකකට පෙර සීනි මෙට්‍රික් ටොන් 8,000ක් ආනයනය කිරීමෙන් රජයට අහිමිවන බදු ආදායම රුපියල් මිලියන 400ක් පමණ වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!