7.8 C
New York

නිල්වලා ගඟ සහ අත්තනගලු ඔය පිටාර මට්ටමේ

Published:

මහ වැසි හේතුවෙන් නිල්වලා ගඟ සහ අත්තනගලු ඔය ගංවතුර මට්ටමට ළඟා වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, එම ගංඟාවල ජල මට්ටම සුළු ගංවතුර මට්ටම ආසන්නයට ම වැඩි වී ඇති බැවින් ඕනෑම හදිසි ගංවතුර තත්වයකට මුහුණ දීමට සූදානම්ව සිටින ලෙසයි.

මෙම අවදානම ඇති ප්‍රදේශ ලෙස අකුරැස්ස, මාලිම්බඩ, මාතර සහ තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසත්, අත්තනගල්ල, ගම්පහ, ජා-ඇල සහ වත්තල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසත් නම්කර තිබේ.

Related articles

Recent articles

spot_img