spot_img
spot_imgspot_img

මහා ගංවතුරක් ?

පුවත්

විදෙස්

නිල්වලා ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය පවසයි.

මාතර, පාලතුගම ජල මාපකයේ අද (05) උදෑසන වනවිට ජල මට්ටම මීටර 6.87ක් දක්වා ඉහළ ගොස් තිබිණි. මෙය මීටර 7.5ක් දක්වා ඉහළ ගියහොත් මහා ගංවතුර තත්වයක් හටගන්නා බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනයේ ද මාතර, අකුරැස්ස, පිටබැද්දර, මොරවක සහ දෙණියාය ප්‍රදේශවලට වැසි සහිත කාලගුණ තත්වයක් ඇති අතර තවදුරටත් මහ වැසි ඇදහැළුණහොත් තත්වය ඉතාමත් භයානක විය හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දැනටමත් නිල්වලා ගඟේ පානදුගම සහ තල්ගහගොඩ ප්‍රදේශවලින් සුළු ගංවතුර තත්ත්වයක් වාර්තා වන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!