spot_img
spot_img

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට, HNB “ස්වයං සේවා” යන්ත්‍රයක් දකුණු වෙරළට

පුවත්

විදෙස්

(Advertorial)

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා අතහිත දීමක් ලෙස හැටන් නැෂනල් බැංකුව මගින් ස්ථාපිත කරනු ලබන “ස්වයං සේවා යන්ත්‍රයක්” මාතර මඩිහේ වෙරළ ආසන්නයේ පිහිටි “ඩොක්ටර්ස් හවුස්” හි ස්ථාපිතර කරන ලදී.

මෙය හැටන් නැෂනල් බැංකුව විසින් ස්ථාපිත කරන ලද 801 වැනි ස්වයං සේවා යන්ත්‍රයයි.

මෙම ස්වයං සේවා යන්ත්‍රය මගින් දේශීය හා විදේශීය ඕනෑම ගනුදෙනු කරුවකුට බැංකුවකට නොගොස් මුදල් ආපසු ලබාගැනීම, මුදල් තැන්පත් කිරීම, වෙනත් ඕනෑම බලපත්‍ර ලාභී බැංකුවක් වෙත මුදල් යොමුකිරීම මෙන් ම බිල්පත් ගෙවීමට ද පහසුකම් ඇත. එබැවින් බැංකුවකට නොයා බැංකු සේවා පහසුවෙන් ලබාගැනීමට ඔවුන්ට අවස්ථාව හිමිවේ.

ස්වයං සේවා යන්ත්‍රය මගින් විදේශිකයන්ට තමන්ගේ රටේ බැංකු ගිනුම්වල ඇති මුදල් ද මෙම යන්ත්‍රය ආධාරයෙන් ලබාගැනීමට හැකිවීම විශේෂත්වයකි.

හැටන් නැෂනල් බැංකුව පවසන්නේ මාතර මඩිහ සහ පොල්හේන ප්‍රදේශවල විදේශීය මෙන්ම දේශීය සංචාරකයන් ද බහුලව ගැවසෙන ප්‍රදේශයක් වුව ද ඔවුන්ට බැංකු සේවා ලබාගැනීමට කිලෝ මීටර 05ක පමණ දුරක් යාමට සිදුව ඇති බැවින් සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් මෙම “ස්වයං සේවා යන්ත්‍රය” එම ප්‍රදේශයේ ස්ථාපිත කළ බවයි. මඩිහ සහ පොල්හේන ප්‍රදේශය සංචාරක ආකර්ශනය දිනාගත් සුන්දර වෙරළ තීරයක් වන අතර සර්ෆින් ක්‍රීඩා‍වට ඇලුම්කරන සංචාරකයන්ගේ සිත්ගත් ස්ථානයක් ද වෙයි.

මෙම යන්ත්‍රය විවෘත කිරීමේ අවස්ථාවට හැටන් නැෂනල් බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයකු වන චම්පික වීරසිංහ, ජ්‍යෙෂ්ඨ කළමනාකරු චක්ෂික අමරවර්ධන, දකුණු පළාත් ප්‍රාදේශීය කළමනාකරු (ව්‍යාපාර ප්‍රවර්ධන) රාජිත විජේනායක, දකුණු පළාත් ප්‍රාදේශීය කළමනාකරු (මෙහෙයුම්) මොහාන් අලගියාවඩු, දකුණු පළාත් ප්‍රාදේශීය කළමනාකරු (ණය ප්‍රදාන) ශලින්ද්‍ර කරුණාරත්න මෙන්ම මාතර සහ ගාල්ල ශාඛා කළමනාකාරවරු ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!