spot_img
spot_imgspot_img

ෂෙඩ එකෙන් ෂෙඩ් එකට වෙනස් වූ තෙල් මිල

පුවත්

විදෙස්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු මෙරට තෙල් අළෙවි කරන සියලු ආයතන විසින් ඊයේ (01) සිට ඉන්ධන මිල වැඩිකර තිබේ.

ඉන්ධන වර්ගයලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවIOC සමාගමසයිනොපෙක් සමාගම
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක්රුපියල් 365.00රුපියල් 365.00රුපියල් 358.00
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක්රුපියල් 420.00රුපියල් 420.00රුපියල් 420.00
ලංකා සුදු ඩීසල් ලීටරයක්රුපියල් 351.00රුපියල් 351.00රුපියල් 348.00
සුපිටි ඩීසල් ලීටරයක්රුපියල් 421.00රුපියල් 421.00රුපියල් 417.00

ලංකා ඛනාජ තෙල් නීතිගත සංස්ථාව මිල සංශෝධනය කර ඇත්තේ පහත සඳහන් පරිදිය.

සුබ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 4.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 365.00කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 420.00කි.

මේ අතර ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 10.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 351.00කි.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 62.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 421.00කි.

IOC සමාගම ද මේ හා සමානව ඉන්ධන මිල වැඩිකරමින් එම ගණන්වලටම ඉන්ධන අළෙවි කිරීම ආරම්භ කර තිබේ.

චීන තෙල් සමාගම වන සිනොපෙක් සමාගම ද ඊයේ (01) සිය තෙල් මිල වැඩි කළේය. ඒ අනුව එම සමාගම  ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6.00කින් වැඩිකර ඇති අතර එහි නව මිල අනෙකුත් සමාගම් හා සමානව රුපියල් 420.00ක් වෙයි.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 10.00කින් වැඩිකර ඇති අතර ඒ අනුව නව මිල රුපියල් 348.00කි. එම වර්ගයේ ඩීසල් ලීටරයක් සිපෙට්කෝ සහ IOC සමාගම විසින් අළෙවි කරනු ලබන්නේ රුපියල් 351.00ක මුදලකටය.

සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 61.00කින් වැඩි කර ඇති අතර නව මිල රුපියල් 417.00ක් වෙයි. එම වර්ගයේ සුපිරි ඩීසල් ලීටරයක් සිපෙට්කෝ සහ IOC සමාගම විසින් අළෙවි කරනු ලබන්නේ රුපියල් 421.00ක මුදලකටය.

සයිනොපෙක් සමාගම ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන මිල සංශෝධනය කර නොමැති අතර තවදුරටත් එක් ලීටරයක් රුපියල් 358.00ක මුදලකට අළෙවි කරයි. එම වර්ගයේ ඉන්ධන ලීටරයක් සිපෙට්කෝ සහ IOC සමාගම විසින් අළෙවි කරනු ලබන්නේ රුපියල් 365.00ක මුදලකටය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!