spot_img
spot_imgspot_img

සොරකම් කළ ළමා කාලය සහ අවිනිශ්චිත අනාගතය

පුවත්

විදෙස්

බ්‍රිට්නි මාටිල් විසිනි

ශ්‍රී ලංකාවේ සුන්දරත්වයෙන් අනූන පරිසරය තුළ සූරාකෑම සහ අහිමිකිරීම් මගින් දරුවන්‍ට ඔවුන්ගේ සිනහව අහිමිකරන අඳුරු යථාර්ථයක් සැඟව පවතිනවා.

“ළමා ශ්‍රමය” යන යෙදුම භයානක අර්ථකථනයක් සපයන්නේ එමගින් ළමා කාලයෙ අහිංසකත්වය විනාශ කරමිනුයි. ඔවුන්ගේ හැකියාවන් සහ ගෞරවය අනතුරේ හෙළමින් රැකියාවට යොමුකිරීමක් දැකිය හැකියි. ශ්‍රී ලංකාව තුළ ළමා ශ්‍රමය දරුවන්ට භායානක ප්‍රතිඵල අත්කර දෙන අතරම ඔවුන්ට ශාරීරික වෙහෙසක් සහ සදාචාරාත්මකව හානිකරන දෙයක් ලෙස පිළි‍ගැනේ. ළමා ශ්‍රමය දරුවන්ට අධ්‍යාපනය අහිමිකරන අතරම සතුටක් නොමැති ජීවිත උරුමකර දෙන්නක්. එය විවිධ ක්ෂේත්‍රවල දී දක්නට පුළුවන්.

ශ්‍රී ලංකාවේ, කුඩා දරුවන් අවිධිමත් කෘෂිකාර්මික අංශයේ වෙහෙස නොබලා වැඩකරනවා. බොහෝ අවස්ථාවල දී අනතුරුදායක තත්වයන් යටතේ පවා බෝග වගාවන්ට යොමු වෙමින්, සහ පවුලේ ව්‍යාපාරවලට එක්වෙනිම් කටයුතු කරනවා. විශේෂයෙන් ම උතුරු, නැගෙනහිර සහ බටහිර වෙරෙළබඩ ප්‍රදේශවල ධීවර ක්ෂේත්‍රයේ වැඩ කිරීමටත් ළමයින් යොදාගන්නා බව ප්‍රකට කරුණක්. ඇතැම් අවස්ථාවල දී ඔවුන් පැහැරගෙන අයන අතර එවැනි දරුවන් ඔවුන්ගෙන් වැඩ ගන්නා අය අතින් වාචික සහ ශාරීරික පීඩාවලට ගොදුරු වනවා.

නාගරික ප්‍රදේශවල දක්නට ඇති තවත් අඳුරු පැතිකඩක් වන්නේ ළමයින් ගෘහ සේවයට යොදාා ගැනීමයි. නිවාඩුවක් හෝ විවේකයක් නොමැතිව වැඩ කරන දරුවන් බවට  ගෘහ සේවයට යොදාගන්නන් දරුවන් පීඩාවට පත්වෙනවා. දිනකට පැය 20ක් පමණ සතියේ දින 07 පුරා ම නිසි වැටුපක් හෝ නොමැතිව වැඩ කිරීමෙන් ඔවුන්ගේ අධ්‍යාපනයය සහ යහපත් අනාගතක් ගොඩනගාගැනීමට ඇති අවස්ථාවන් කුරිරු ලෙස අහිමිවීම දැකිය හැකියි. ශ්‍රී ලංකාවේ කාර්යබහුල වීථිවල වෙනස්ම වූ ළමා කාලයක් නිරූපණය වෙයි. පාරේ ජීවත්වන සහ වැඩ කරන බොහෝ දරුවන්ගේ එකම ආදායම් මාර්ගය වී ඇත්තේ විවිධ භාණ්ඩ විකිණීම හෝ පාරේ සිඟමන් යැදීමයි. විශේෂයනේ ම සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ ප්‍රදේශවල ඔවුන් තම ජීවනෝපාය කරගෙන යාමට අරගල කරන නිසා ම ලිංගික සේවා සැපයීම වැනි ක්‍රියාකාරකම්වලට දිගින් දිගටම ගොදුරුවීම පවා දක්නට ලැබෙනවා.

රජයේ සංවිධාන ළමා ශ්‍රමය සඳහා නීත්‍යානුකූල අව්සථාවව ලබාදීම සිදුකළත්, එය සොරකම් කළ ළමා කාලය පිළිබඳ අඳුරු සංකේතයක් ලෙස ක්‍රියාකරනවා. ළමා මනසට අධ්‍යාපනයට ඇති අවස්ථා සහ දීප්තිමත් අනාගතයක් සඳහා අවස්ථාව අහිමිකරනවා. මේ ආකාරයෙන්, ළමා ශ්‍රමය දිගින් දිගටම ඔවුන්ගේ ජීවිත යටපත් කරන බැවින් ශ්‍රී ලාංකීය දරුවන්ගේ සිහින සහ අපේක්ෂා පිළිබඳ ඇත්තේ බරපතල ගැටලුවක්.

ශ්‍රී ලංකාවේ ළමා ශ්‍රමය පාලනය කරන නීතිමය රාමුව

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ විවිධ නීති අණ පනත් මගින් මේ බරපතල අසාධාරණයට එරෙහිව දැඩි නීති පනවා තිබෙනවා. දරුවන්ගේ ළමා කාලය විනාශ කිරීම, ඔවුන්ගේ ශ්‍රමය සූරාකෑම සහ අගතියට පත්කිරීම යන කරුණුවලින් දරුවන් වළක්වාගෙන ඔවුන් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය උත්සාහ ගෙන තිබෙනවා. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එහි මූලික පදනම ලෙස හැඳින්විය හැකියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ, එය සමාන ලෙස සැළකීමේ අයිතිය සහතික කරන අතර, රාජ්‍ය ප්‍රතිපපත්තියේ ප්‍රධාන මූලධර්ම 27(13) වගන්තිය මගින් දරුවන්ගේ ශාරීරික, මානසික සහ සමාජයීය යහපැවැත්ම සහතික කරමින් දරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම අනිවාර්යය කරනවා.

1956 අංක 47 දරණ කාන්තාවන්, තරුණ පුද්ගලයන් සහ ළමා සේවා නියුක්තිය, පිළිබඳ පනත (EWYPCA) නිර්මාණය කිරීමට මූලික වුණා. වයස අවුරුදු 14ට අඩු පුද්ගලයකු ළමයකු ලෙසත්, වයස අවුරුදු 14-18 අතර වූ අයකු තරුණයකු ලෙසත් අර්ථ දක්වා තිබෙනවා. අන්තරායකර ළමා ශ්‍රමයට එරෙහිව සටන් කිරීම සඳහා 2010 වර්ෂයේ දී තරුණ පුද්ගලයන් සහ ළමා සේවා නියුක්තිය පිළිබඳ රෙගුලාසි මගින් අවම සේවා නියුක්තියට වැඩි වයට වඩා වැඩි දරුවන් ආරක්ෂා කරමින්, අනතුරුදායක ළමා ශ්‍රමිකයන්ගේ ලැයිස්තුවක් ද දක්වා තිබෙනවා.

මෙම ක්‍රියාව 2001මාර්තු මාසයේ දී අනුමත කරන ලද ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතියේ දී 3(d) වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ වගකීමට අනුකූලයි. මීට අමතරව, 200 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත ඇතුළු අනෙකුත් ජාතික නීති, තරුණ වැරදිකරුවන් (පුහුණු පාසල) 1939 අංක 28 දරණ ආඥා පනත සහ 1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පනත, අවිධිමත් අංශයේ බහුලව පවතින ළමා ශ්‍රමිකයන් මෙන් ම ළමා ශ්‍රමිකයන් ආමන්ත්‍රණය කිරීමේ දී වැදගත් කාර්යයක් ඉටුකරනවා.

තව ද, 1942 අංක 45 දරණ කර්මාන්තශාලා ආඥා පනත සහ 1954 අංක 19 දරණ වෙළෙඳ සැල් සහ කාර්යාල සේවක පනත මගින ්ළමා ශ්‍රමය තුරන් කිරීම සහ වැළැක්වීම පිළිබඳව දණ්ඩ නීති සංග්‍රහයේ 360ඒ, 360බී සහ 288ඒ වගන්ති සමගින් ආලෝකය විහිදුවන විධිවිධාන සපයනවා. ලිංගික සේවා සැපයීමේ ක්‍රියා ළමයින් සම්බන්ධ ක්‍රියා ඇතුළුව, රටේ නිදදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ශක්තිමත් කරමින් 1998 අංක 01 දරණ අනිවාර්ය අධ්‍යාපන පනත හරහා ළමා ශ්‍රමය ආමන්ත්‍රණය කිරීමේ දී ශ්‍රී ලංකාව ප්‍රශංසනීය ප්‍රගතිියක් ලබා තිබෙනවා.

මෙම පනත් මගින් දරුවන් වෙනුවෙන් නීති තිබිය දීත්, තවමත් කර්මාන්ත ක්ෂේත්‍රයේ ගැටලු පවතිනවා. එබැවින්, විප්ලවීය, බලපෑමක් ඇති කිරීමට සහ නරකම ආකාරයේ ළමා ශ්‍රමය අවසන් කිරීමට අවධානය සහ සහයෝගය අවශ්‍ය වෙනවා. ශ්‍රී ලංකාවේ වඩාත්ම අවදානමට ලක්විය හැකි ජනගහණය ආරක්ෂා කිරීම සඳහා, එහි දරුවන්, අමාත්‍යාංශ සහ රජයේ දෙපාර්තමේන්තු ඔවුන්ගේ ප්‍රයත්නයන් සමඟ සහයෝගයෙන් සම්බන්ධීකරණය කළ යුතුයි.

දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ළමා ශ්‍රමය තුරන් කිරීම  සමාජයක් වශයෙන්, ළමා ශ්‍රමය තුරන් කර අපගේ දරුවන්ට දීප්තිමත් හෙට දවසක් සඳහා මාවතක් උදාකරලීම සඳහා කාරුණික සහ අධිෂ්ඨානශීලීභාවයෙන් එක්වීම සමාජයක් ලෙස අප සැමගේ වගකීමකි.

ළමා ශ්‍රමය වැළැක්වීමේ වැදගත්කම අධිතක්සේරු කළ නොහැකි දෙයකි. අපගේ වටිනම සම්පත වන අනාගත පරපුරේ යහපැවැත්ම, අභිමානය සහ විභවයන් ආරක්ෂා කිරීමේ හරය එයයි. සැළකිය යුතු ප්‍රගතියක් ලබාගැනීම සඳහා බලධාරීන් විසින් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතු අතර උල්ලංඝනය කරනන් සඳහා දඬුවම් වැඩි කළ යුතුය. නීතිමය රාමු ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර ප්‍රමිිතීන්ට අනුකූලව ඒවා පෙළගස්වා ගැනීමෙන් ළමා ශ්‍රමය නොඉවසන බවට පැහැදිළි පණිවිඩයක් ලබා දෙනු ඇත.

ළමා ශ්‍රමය තුරන් කිරීම සහ ශ්‍රී ලංකාවේ දරුවන්ට දීප්තිත් අනාගතයක් නිර්මාන්‍ය කිරීමේ මෙහෙවර ඉටුකිරීම සඳහා පහත සඳහන් බහුවිධ ප්‍රවේශයන් අත්‍යාවශ්‍ය වේ.

ප්‍රවේශවිය හැකි අධ්‍යාපන අවස්ථා ප්‍රවර්ධනය කිරීම : වයස අවුරුදු 16 දක්වා දරුවන්ට නොමිළේ මෙන් ම අනිවාර්ය අධ්‍යාපනය ලබාදීමෙන් අධ්‍යාපනය ප්‍රමුඛස්ථානයක් බටව පත්කළ යුතුය. අද්‍යාපන යටිතල පහසුකම්, පුහුණුව සඳහා ආයෝජනය කිරීමෙන් සියලුම දරුවන්ට, විශේෂයෙන් ආන්තික ප්‍රාවන්ට අධ්‍යාපන අවස්ථා ලබා‍ දීම. ගරුවරුන් තාක්ෂණය සඳහා යොමුකිරීම.

ළමා ආරක්ෂණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම : කාර්යක්ෂම ළමා ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA) සහ අදාළ රාජ්‍ය ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම කළ යුතුය. ළමා ශ්‍රමික ක්‍රියා පටිපාටිය කඩිනම් කිරීම සහ බලපෑමට ලක් වූ තරුණයින් සඳහා උපදේශන සහ පුනරුත්ථාපන වැඩසටහන් ඉදිරිපත් කිරීම මෙයට ඇතුළත් වේ.

විකල්ප ජීවනෝපාය අවස්ථා: ළමා ශ්‍රමය මත යැපෙන පවුල්වලට ඔවුන්ගේ වර්තමාන ජීවනෝපාය මාර්ගවලට විකල්ප ඉදිරිපත් කිරීම සූරාකෑමේ චක්‍රය අවසන් කරනු ඇත. ග්‍රාමීය ප්‍රදේශවල ව්‍යවසායකත්වයට සහ කුඩා පරිමාණ ව්‍යාපාරවලට උපකාර කිරීම, ළමා ශ්‍රමයට යොමු නොවී ජීවත් වීමට දෙමාපියන්ට ශක්‍ය හැකියාවන් ලබා දිය හැකිය.

දරිද්‍රතාවය සහ සමාජ ආර්ථික විෂමතා ආමන්ත්‍රණය කිරීම: ළමා ශ්‍රමයට ප්‍රධානතම හේතුවක් වන්නේ දිළිඳුකම දිගටම පැවතීමයි. එබැවින්, මෙම චක්‍රය අවසන් කිරීමට අදහස් කරන්නේ නම්, ශ්‍රී ලංකාව දරිද්‍රතාවය අඩු කිරීමට සහ වරප්‍රසාද ලත් ජනගහනය නඟා සිටුවීමට ප්‍රමුඛත්වය දිය යුතුය. සමාජ සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන්, වෘත්තීය පුහුණුව ලබා දීමෙන් සහ වැඩිහිටියන්ට ආදායම් උත්පාදන අවස්ථා නිර්මාණය කිරීමෙන්, ඔවුන්ගේ ශ්‍රමය මත රඳා නොසිට ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට සහාය වීමට පවුල් වඩාත් සන්නද්ධ වනු ඇත.

රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය: රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර සාර්ථක සහයෝගීතාවයට ළමා ශ්‍රමයට එරෙහි සටනේ ගමන් මග මූලික වශයෙන් වෙනස් කිරීමට හැකියාව ඇත. ව්‍යාපාර විසින් සදාචාරාත්මක ව්‍යාපාරික භාවිතයන් දිරිමත් කළ යුතු අතර ළමා ශ්‍රමිකයන්ගෙන් තොර සැපයුම් දාම ස්ථාපිත කළ යුතුය. ළමා කම්කරු නීතිවලට අවනත වන ව්‍යාපාරවලට ත්‍යාග පිරිනැමීමට සහ එසේ නොකරන අයට දඬුවම් කිරීමට රජයට හැකිය.

ශ්‍රී ලංකාවේ දරුවන් රටේ අනාගතය සඳහා යතුර දරන අතර, ළමා ශ්‍රමයට සීමා නොවී සිහින දැකීමට, ඉගෙනීමට සහ සංවර්ධනය කිරීමට ඔවුන්ට නිදහස ඇති බවට සහතික කිරීම අපගේ ඒකාබද්ධ යුතුකමකි. අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දීමෙන්, නීති ක්‍රියාත්මක කිරීමෙන්, ප්‍රජාවන් සවිබල ගැන්වීමෙන් සහ සමාජ ආර්ථික අසමානතා ආමන්ත්‍රණය කිරීමෙන් අපට අපේ දරුවන්ට දීප්තිමත් අනාගතයක් නිර්මාණය කළ හැකිය. ශ්‍රී ලංකාවේ ළමා ශ්‍රමය තුරන් කිරීමටත්, සෑම ළමයෙකුටම වර්ධනය විය හැකි, ජාතියේ ප්‍රගතියට ධනාත්මක ලෙස දායක විය හැකි සමාජයක් නිර්මාණය කිරීමටත් අපි එක්වෙමු.

Britney Martil කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීති ශිෂ්‍යාවකි. යුක්තිය සහ සමානාත්මතාවය සඳහා දැඩි ආශාවක් ඇතිව, ඇය සියලු ආකාරයේ අයුක්තියට එරෙහිව සටන් කිරීමට අධිෂ්ඨානශීලීව හා කැපවී සිටී.

Factum යනු www.factum.lk හරහා ප්‍රවේශ විය හැකි ජාත්‍යන්තර සබඳතා, තාක්ෂණික සහයෝගීතාව සහ උපාය මාර්ගික සන්නිවේදනයන් පිළිබඳ ආසියා පැසිෆික් කේන්ද්‍ර කරගත් චින්තන ටැංකියකි.

මෙහි ප්‍රකාශිත අදහස් කතුවරයාගේම වන අතර ඒවා අනිවාර්යයෙන්ම සංවිධානයේ අදහස් පිළිබිඹු නොකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!