spot_img
spot_imgspot_img

Online ණය ගත්තොත්, සිදුවන දේ

පුවත්

විදෙස්

ඉතා පහසුවෙන් ක්ෂණිකව ණය මුදලක් ලබාදෙන බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළකරන දැන්වීම්වලට රැවටී ණය ලබාගැනීමෙන් වළකින්න යැයි ආර්ථික විශේෂඥයෝ ඉල්ලා සිටිති.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් හෝ වෙනත් කිසිදු රාජයේ ආයතනයකඅවසරයකින් තොරව මෙම ඔන්ලයින් ණය දීමේ ක්‍රමය ක්‍රියාත්මක වෙයි.

එහි දී සිදුකරන්නේ ඔන්ලයින් ක්‍රමයට ණය ඉල්ලුම් කිරීමෙන් රුපියල් 5,000.00 සිට 40,000.00 පමණ දක්වා මුදලක් ඉල්ලුම්කර තම අනන්‍යතාව තහවරු කිරීමෙන් පසු විනාඩි 10ක පමණ කාලයක දී ලබාගැනීමට හැකියාව පවතී.

මෙය ඉතාමත් පහසුවෙන් සිදුකළ හැකිවීම, මූල්‍ය දුෂ්කරතා නිසා වෙනත් ණය මුදලක් ලබාගැනීමට නෙනාහැකිවීම යන කරුණු හේතුවෙන් වර්තමානයේ බොහෝ දෙනකු මෙම ක්‍රමයට ණය ලබාගැනීමට පෙළඹී සිටින බව අනාවරණය වෙයි.

එවැනි ණයක් ලබාගැනීෆම් දී රුපියල් 10,000.00ක් අගෙවීමට දින 120ක කාලයක් ලැබෙන අතර ඒ සඳහා රුපියල් 3,700.00ක පමණ අධික පොලී මුදලක් ද අයකරනු ලබබයි.

ණය මුදල නිසි පරිදි ගෙවීමට නොහැකි වුවහොත් ඒ සඳහා රුපියල් 10,000.00 ක් වෙනුවෙන් එක් දිනකට රුපියල් 2,500.00ක මුදලක් අයකරන බව ද දැනගන්නට ඇත. එමෙන්ම දුරකථනය ඔස්සේ දිගින් දිගටම තර්ජනය කරයි.

මෙම ණය ලබාගැනීමේ විශේෂත්වය වන්නේ ණය මුදල ලබාගැනීමේ දී සිය අනන්‍යතාව තහවරු කිරීම සඳහා සමාජ මාධ්‍ය ගිනුම් පිළිබඳ විස්තර ඇතැම් අවස්ථාවලදී ඒවායේ මුරපද පවා ලබාදීමට සිදුවීමයි. ණය නිසිපරිදි ගෙවාගැනීමට අපොහොසත් වුවහොත් ණය දුන් සමාගම්වල සිටින පරිගණක ක්‍රියාකරුවන් විසින් ඉතාමත් ද්වේශ සහගත ලෙස ණය ලබාගත් පුද්ගලයාගේ චරිතය සමාජ මාධ්‍ය ඔස්සේ විනාශ කිරීම ද සිදුකරයි.

තමන් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් බවත්, මහ බැංකුවේ ලියාපදිංචි බවත් හඟවමින් අදාල ආයතන ක්‍රියාත්මක වෙයි. නමුත් මෙම සමාගම් කිසිවක් එවැනි ලියාපදිංචියක් ඇති සමාගම් නොවන අතර ශ්‍රී ලංකාවේ මූල්‍ය සම්බන්ධ අණ පනත් සියල්ල උල්ලංඝනය කරන ආයතනබව ද අනාවරණය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!