spot_img
spot_imgspot_img

තරුණ තරුණියන් රවටා, හොර රියැලටි වැඩසටහනක් කෝටි ගණනක් මුදල් අරගෙන

පුවත්

විදෙස්

සුපිරි තරු බිහිකරන රියැලට වැඩසටහනක් පවත්වන බව පවසමින්, ගුවන්විදුලි නාලිකාවක කාර්ය මණ්ඩලය ලෙස පෙනී සිටි පිරිසක් උතුරේ තරුණ තරුණියන් රවටා රුපියල් කෝටි ගණනක් වංචා කර ඇතැයි පොලිසිය පවසයි.

එම තරඟයට සහභාගී වී ජයග්‍රහණය කරන අයට රුපියල් ලක්ෂ ගණනින් ත්‍යාග ලබාදෙන බවත් සජීවී වැඩසටහන් ප්‍රචාරය කරන බවත් එම සංවිධායකවරුන් විසින් දැනුම් දී තිබිණි.

තරඟයට ලියාපදිංචි වීම සඳහා රුපියල් 17,500.00ක මුදලක් එක් අයකුගෙන් අයකරගෙන ඇති අතර එම මුදල් බැංකු ගිනුමකට බැර කර තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙම තරඟය සඳහා රුපියල් 17,500.00 බැගින් ගෙවා වව්නියාව, මුලතිව්, කිලිනොච්චිය, යාපනය ඇතුළු විවිධ ප්‍රදේශවල තරුණ තරුණියන් 5000ක් පමණ ලියාපදංචි වී ඇති බවයි.

පළමු වටයේ තරඟ කිහිපයක් ෆේස්බුක් පිටුවක් ඔස්සේ ප්‍රචාරය කර ඇති අතර දෙවැනි වටයේ තරඟවලට සහභාගීවන අයගෙන් ඇතුළත්වීමේ ගාස්තු ලෙස රුපියල් 25,000.00ක් ගෙවිය යුතුයැයි සංවිධායක වරු දැනුම් දී තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ ඒ අනුව ත්‍රිකුණාමලයේ තරුණ තරුණියන් පිරිසක් ඇතුළත්වීමේ ගාස්තු වශයෙන් රුපියල් 25,000.00ක් ගෙවා අනතුරුව රුපියල් 100,000.00ක මුදලකට බස් රථයක් කුලියට ගෙන තරඟයට සහභාගීවීමට මන්නාරමට පැමිණ ඇති බවයි. නමුත් එවැනි තරඟයක් නොපැවැත්වෙන බවත් තමන් රැවටීමකට ලක්ව ඇති බවත් දැනගත් එම පිරිස පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙම ව්‍යාජ රියලටි වැඩසටහන සම්බන්ධයෙන් මන්නාරම පොලිසියට සහ තවත් පොලිස් ස්ථාන රැසකට පැමිණිලි ලැබී ඇතත් එම සංවිධායකවරු අත්අඩංගුවට ගැනීමට මෙතෙක් හැකියාවක් ලැබී නැත.  

දෙවැනි වටයේ තරඟ පැවැත්වෙන බව ප්‍රකාශ කර තිබූ ස්ථානයට නියමිත දිනයේ එම තරඟයට සහභාගීවීම සඳහා තරුණ තරුණියන් පැමිණ සිටිය ද සංවිධායකවරු පැමිණ තිබුණේ නැත. පොලිසිය පවසන්නේ සංවිධායකවරු සිය දුරකථන පවා විසන්ධි කර ඇති බවයි.

මෙම තරඟ නැරඹීමට අවස්ථාව ලබාදෙන බව පවසමින් තරඟවලට සහභාගීවන අයගේ දිරිගන්වන්න්ට ප්‍රවේශපත්‍රයක් ද රුපියල් 1,000.00ක මුදලකට අළෙවි කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!