spot_img

චන්න ජයසුමන පන්නා දමයි

පුවත්

විදෙස්

රජයේ නිල නිවාසයක නීති විරෝධී ලෙස රැඳී සිටි හිටපු සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන එම නිවසින් නෙරපා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (28) නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම නියෝගය නිකුත් කරන ලද්දේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවය.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයා එම ධූරයේ කටයුතු කරන කාලයේ දී ලබාදුන් නිල නිවසින් ඔහු ඉවත්ව නොගොස් දිගින් දිගටම එහි රැඳී සිටි බවත් ඒ නිල නිවස බාර දෙන ලෙස දැනුම් දුන්න ද එය නොතකමින් කටයුතු කරන බැවින් ඔහුට ඉන් ඉවත්වීමේ නියෝගයක් පනවන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

එම පෙත්සමට අදාල කරුණු අධිකරණය හමුවේ තහවරු වීමෙන් පසු හිටපු රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන නිල නිවසින් නෙරපීමේ නියෝගය අධිකරණය විසින් නිකුත් කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles