spot_img

දළදා පෙරහැර ගිනි ගණනට විකිණෙයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ විශාලතම සංස්කෘතික උළෙලක් ලෙස සැළකෙන මහනුවර දළදා පෙරහැර නැරඹීමට වෙන්කරන ආසනයක් රුපියල් 25,000.00ක් බව මහනුවර මහ නගර සභාව පවසයි.  

නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක පවසන්නේ මහ නගර සභාව මගින් අවසන් රන්දෝලි පෙරහැර සඳහා ඉදිරි පෙළ සහ දෙවැනි පෙළ අසුනක් රුපියල් 25,000.00කට, දෙවැනි පෙළ සහ අවසන් පෙළ අසුනක් රුපියල් 12,500.00කට අළෙවි කරන බවයි.

අද (29) පැවැත්වෙන සිව්වැනි රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා පළමු සහ දෙවැනි පෙළ අසුනක් අළෙවි කරන්නේ රුපියල් 15,000.00ක මුදලලකට වන අතර තුන්වැනි සහ අවසන් පෙළ අසුනක් රුපියල් 12,500.00කට අළෙවි කරනු ලබයි.

ඇතැම් හෝටල් සහ ව්‍යාපාරික ස්ථානවලින් අසුනක් අළෙවි කරනු ලබන්නේ රුපියල් 30,000.00ක් වැනි මුදලකටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles