7.8 C
New York

ගාල්ලේ භික්ෂුවක්, බාලවයස්කාර දැරියකට අතවර කරලා දායකයන්ට හසුවෙයි. භික්ෂුව රිමාන්ඩ්

Published:

බාලවයස්කාර දැරියකට අතවර කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බෞද්ධ භික්ෂුවක් ලබන 08 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණී විදානගමගේ අද (31) නියෝග ක‍ළාය.

මෙලෙස රිමාන්ඩ් කරන ලද්දේ ගාල්ල, වලහන්දූව, යග්ගහ ඉසිපතන නුගසෙවණ භාවනා මධ්‍යස්ථානයේ සිටි මහනුවර සුගතරතන නමැති 73 හැවිරිදි භික්ෂුවකි.

මෙම භික්ෂුව වයස අවුරුදු 08ක බාල වයස්කාර දැරියක් කාලයක සිට අපයෝජනය කර ඇති බවත් පොලිසිය පවසයි.

ඊයේ (30) ඉසිපතන නුග සෙවණ භාවනා මධ්‍යස්ථානයට පැමිණි කාන්තවකට හාමුදුරුවන්ගේ ආවාස ගෙය දෙසින් කුඩා ගැහැනු ළමයකු කතා කරනු ඇසී ඒ කවුරුන්දැයි හාමුදුරුවන්ගෙන් විමසා තිබිණි. එම අවස්ථාවේ සැකකාර හිමියන් පවසා ඇත්තේ කිසිවෙකුත් නොමැති බවයි.

නමුත් එම කාන්තාව මද වේලාවක් විහාරස්ථානයේ රැඳී සිට විපරම් කිරීමේ දී හාමුදුරුවන්ගේ කුටියේ ඇඳ මත කුඩා ගැහැනු දරුවකු සිටින බව දැක ඉක්මණින් තම නිවසට ගොස් ඇගේ දියණියට ඒ ගැන පවසා ඇත.

වහාම ක්‍රියාත්මක වූ ඇය තවත් කිහිප දෙනකු සමඟ විහාරස්ථානයට පැමිණ විහාරස්ථානයේ ඝණ්ඨාව නාද කර තවත් පිරිසක් පන්සලට ගෙන්වාගෙන ඇත. ඉන් පසු ඔවුන් සැකකාර හිමියන් පොලිසියට බාර දී තිබේ.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකාර හිමියන් අද අධිකරණයට ඉදිරිපත් කළ අතර අතවරයට පත්වූ බව කියන දැරිය අධිිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර තිබිණි.

Related articles

Recent articles

spot_img