spot_img

ගාල්ලට සුපිරි ඕවරයේ දී, සුපිරි ජයක්

පුවත්

විදෙස්

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දෙවැනි තරඟය දඹුල්ල අවුරා කණ්ඩායම, පරාජයට පත්කරමින් ගෝල් ටයිටන්ස් කණ්ඩායම සුපිරි පන්දුවාරයේ දී ජයග්‍රහණය කළේය. සුපිරි පන්දු වාරයේ දී පළමුව පන්දුවට පහරදුන් කඩුල්ලක් දැවී ලකුණු 09ක් රැස්කල අතර ගෝල් කණ්ඩයම පන්දු 03ක දී ලකුණු 11ක් රැස්කළේය.

මුලින්ම පන්දුවට පහරදුන් ගෝල් ටයිටන්ස් කණ්ඩයම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 05කට ලකුණු 180ක් රැස්කළේය. නායක දසුන් ශානක පන්දු 21ක දී හයේ පහර 04ක් සහ හතරේ පහර 02ක් සමග ලකුණු 42ක් රැස්කළේ ප්‍රහාරාත්මක වේගය 200ක් ලෙස තබා නිමිනි.

භානුක රාජපක්ෂ 48ක් සහ ෂෙවෝන් ඩැනියෙල් 33ක් සකීබ් අල් හසන් 23ක් රැස්කළහ.

ලකුණු 181ක ඉලක්කය හඹායාමට පැමිණි දඹුල්ල පිතිකරුවෝ ඕවර 20 අවසානයේ ලබාගත්තේ ලකුණු 10කි. ලකුණු පුවරුව ලකුණු 02ක් ලෙස තිබිය දී ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු පිටියෙන් ඉවත්කළ  කකසුන් රාජිත සහ විශ්ව ප්‍රනාන්දු  දඹුලල කණ්ඩායම පසු පාදයට ඇද දැමීමට උත්සාහ ගත්ත ද පිටියේ එක්වූ ධනංජය ද සිල්වා (43) සහ කුසල් පෙරේරා (40) පන්දු 48කින් ලකුණු 76ක් එක්කරමින් තරඟයට යළි ප්‍රවේශ විය.

තම කණ්ඩායමට තරඟය අවාසි සහගතව තිබිය දී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ඇලෙක්ස් රොස් පන්දු 28ක දී හයේ පහර 01ක් සහ හතරේ පහර 03ක් සමගින් ලකුණු 39ක් රැස්කරමින් නොදැවී සිටියේ සුපිරි පන්දුවාරය යැවීම දක්වා තරඟය කැඳවාගෙන යමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles