spot_img
spot_imgspot_img

වසර ලක්ෂ 6,000ක් පැරණි සාගරයක ජල තැන්පතු හිමාල කඳුවැටියෙන් සොයාගනී

පුවත්

විදෙස්

ඉන්දියාවේ විද්‍යා ආයතනය සහ ජපානයේ නීගාටා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් හිමාල කන්දෙන් අදින් වසර ලක්ෂ 6,000කට පෙර තිබූ සාගරයක ඉතිරි වූ ජල කොටස් සොයාගෙන තිබේ.

මේවා ඛනිජ නිධිවල සිරවී තිබිය දී සොයාගත් බව විද්‍යාඥයෝ කියති. එම පර්යේෂණ වාර්තව 2023 ජූලි 27 වැනි දින ප්‍රකාශයට පත්කරන ලදී.

විද්‍යා මධ්‍යස්ථානයේ මහාචාර්ය සහ මෙම පර්යේෂණයේ ප්‍රධානී සජීව් ක්‍රිෂ්ණන් පවසන්නේ පර්යේෂණ කණ්ඩායම හිමාලයානු සහ නාගලන්ත තීරයේ භූ පරිණාමය පිළිබඳ අධ්‍යයනයක යෙදී සිටින බවයි. පසුගිය වසර 05ක කාලයක් පුරා මේ අධ්‍යයනය සිදුකරන බවත් එමගින් මේ සොයා ගැනීම සිදුකළ හැකි වූ බවත් ඔහු කියයි.

කෙසේ වෙතත් එවැනි අතීතයක පෘථිවියේ තිබූ සියලු සාගර මේ වනවිට අතුරුදන්ව ඇත. ඒ සම්බන්ධයෙන් ෆොසිල සාක්ෂි පවා ‍ආරක්ෂා වී නැත. නමුත් මේ සාකක්ෂිය හිමාල කඳුකරයේ සාගරයක කොටස් ලෙස නිරාවරණය වීමෙන් පෘථිවියේ අතීතය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගත හැකිවන බව පර්යේෂකයන්ගේ විශ්වාසයයි.

අම්රිත්පූර් සිට මිලාම් ග්ලැසියරය දක්වාත් ඩෙහ්රාඩුන් සිට ගංගෝත්‍රි ග්ලැසියරය දක්වාත් විහිදෙන බටහිර කුමාඕන් හිමාලය කඳුකරයේ දිගු ප්‍රදේශයක් හරහා තැන්පතු අතරින් මේ පෞරාණික සාගරයේ ජල බිඳිති සොයාගෙන තිබේ.

මෙම ජල බිඳිති පුළුල් රසායනාගාර පරීක්ෂණ මාලාවක් මගින් විශ්ලේෂණය කිරීමෙන් පසු, මෙම තැන්පතු පෘථිවි අභ්‍යන්තරයේ (ගිනි කඳු ක්‍රියාකාරකම්) වැනි වෙනත් ස්ථානවලින් නොව පුරාණ සාගර ජලයෙන් නිෂ්පාදනයක් වූ බව අනාවරණය විය. මෙම තැන්පතුවල කැල්සියම් සහ මැග්නීසියම් කාබනේට් ද අඩංගු විය.

මෙම පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයකු වන ප්‍රකාශ් චන්ද්‍රආර්යා මෙසේ කියයි.

“අපි අතීත සාගර ගැන වැඩි යමක් දන්නේ නෑ. ඒවා වර්තමාන සාගරවලට වඩා කෙතරම් වෙනස් ද, ‍ඒ වෙනස්කම් මොනවා ද ? වඩාත් ආම්ලික හෝ මූලික, පෝෂ්‍ය පදාර්ථවලින් පොහොසත් හෝ ඌනතාවයෙන් යුත්, උණුසුම් හෝ ශීතලද, ඒවායේ රසායනික හා සමස්ථානික සංයුතිය කුමක්ද? ඒ කරුණු දැන් අපිට අධ්‍යයනය කරන්න පුළුවන් වේවි. එවැනි තීක්ෂ්ණ බුද්ධිය මගින් පෘථිවි අතීත දේශගුණය පිළිබඳ තවත් ඉඟි සැපයිය හැකි වනවා. ඒ වගේ ම, මෙම තොරතුරු දේශගුණ ආකෘති නිර්මාණය සඳහා ප්‍රයෝජනවත් විය හැකියි.”

විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මීට වසර මිලියන 700ත් 500ත් අතර කාලයකට පෙර ඝන අයිස් තට්ටුවකින් පෘථිවිය හිම බෝලයක් සේ වැසී තිබෙන්නට ඇති බවයි. එය පෘථිවි ඉතිහාසයේ ප්‍රධාන අයිස් යුකවලන් එකකි. එම කාලය අතිශය දීර්ඝ කාලයක් බව ද විද්‍යාඥයන් විශ්වාස කළ කරුණකි. ඉන් පසුව පෘථිවි වායුගෝලයේ ඔක්සිජන් ප්‍රමාණය වැඩි වීම දෙවන මහා ඔක්සිජන් සංසිද්ධිය ලෙස හැඳින්වෙන අතර එය නව ජීව ආකාර සෑදීමට හා පරිණාමය වීමට හේතු විය.

මෙම කණ්ඩායම විසින් සොයාගන්නා ලද සාගර ජල තැන්පතු විද්‍යාඥයන් මෙතෙක් අනුමාන කළ පෘථිවි හිමබෝල ග්ලැසියර කාලය දක්වා දිව යයි.

මෙම කාලය තුළ සාගරවල ගලායාමක් නොතිබෙන්නට ඇත.

මහාචාර්ය සංජීව් ක්‍රිෂ්ණන් පැහැදිලි කරන්නේ මෙවැන්නකි. කැල්සියම් ඌනතාවය පෝෂක ඌනතාවයකට ද හේතු විය, එය මන්දගාමී ප්‍රභාසංස්ලේෂණ සයනොබැක්ටීරියා සඳහා හිතකර වේ. “වායුගෝලයේ ඔක්සිජන් මට්ටම වැඩි වන සෑම විටම ඔබට ජීව විද්‍යාත්මක විකිරණ හෝ පරිණාමය ඇති වේ.”

මෙම අවස්ථාවේදී පිහිටුවන ලද මැග්නීසියම් තැන්පතු මගින් පැලියෝ සාගර ජලය ස්ඵටිකීකරණය වූ විට සිදුරු අවකාශයේ රඳවා ගැනීමට හැකි වන්නට ඇතැයි පර්යේෂකයෝ කියති.

කෙසේ වෙතත් මෙය මෙතෙක් පෘථිවි ඉතිහාසය අධ්‍යයනය සඳහා යොදාගත් සාක්ෂිවලට තවත් අපූරු ‍වැදගත් සොයා ගැනීමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!