රජයේ රෝහල්වල ඖෂධ වර්ග රැසක් මේ වනවිටට නොමැති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සහ රජයේ වෛද්‍ය නිලධාරන්ගේ සංගමය (GMOA) චෝදනා කරයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසා සිටියේ, මධ්‍යම ඖෂධ ගබඩාව තුළ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 180ක හිඟයක් පවතින බවයි. මෙම ඖෂධ මේ වනවිට රෝහල්වල ද හිග වී තිබේ.
ප්‍රතිජීවක ඖෂධ, අධි රුධිර පීඩනයට, දියවැඩියාවට, වකුගඩු රෝගීන්ට සහ පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධවල දැඩි හිඟයක් පවතී.
පිළිකා රෝගීන් සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ්‍යක් වන ග්‍රැනියුලෝසයිට් කොලනි ස්ටිමියුරේටින් ෆැක්ටර් කියන ලේ වර්ධනය දෙන ඖධධය මේ වනවිට රජයේ කිසිම රෝහලක හෝ ඖෂධ ගබඩාවක මාසයක කාලයක් සිට නොමැත. මේ හේතුවෙන් පිළිකා රෝගීන්ට කිමෝ තෙරපි ප්‍රතිකාරය ලබාදීම පවා නතර වී තිබේ. ශ්‍රී ලංකාවේ පිළිකා ප්‍රතිකාර ලබාදෙන සියලු රෝහල්වල ප්‍රතිකාර කටයුතු මේ නිසා සීමා කර ඇති බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
එමෙන් ම පිළිකා රෝගීන්ට ලබාදෙන 5FU කාණ්ඩයේ ඇතැම් ඖෂධ වල ඇති විෂ සහිත බව දුරු කිරීමට ලබා දෙන ෆොලනික් ඇසිඩ් ද මේ වනිවට රජයේ රෝහල්වල නොමැත. ෆොලනික් ඇසිඩ් ලබාදෙන්නේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් පසු ඇතිවන සංකූලතා මඟහැරීම සඳහාය. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අවසන්වරටට ගෙන්වා තිබූ ෆොලනික් ඇසිඩ් මාර්තු මාසයේ කල් ඉකුත්වීමට නියමිතව තිබූ අතර ඊට පෙර එහි තොග අවසන් විය. නමුත් මේ දක්වාම එම ඖෂධය යළි ගෙන්වා නැත.
දියැවඩියා රෝගීන්ට ලබාදෙන ඉන්සියුලින් වර්ග තුනක් රජයේ රෝහල්වල භාවිතා කරයි. සොලියුබල් ඉන්සියුලින් (වහා ක්‍රියාත්මක වෙන) ලෙන්ටේ ඉන්සුලින් (හෙමින් ක්‍රියාත්මක වෙන) මික්ස්ටාර්ට් ඉන්සියුලින් (අතරමැද ක්‍රියාකාරීත්වය) යන ඉන්සුයිලින් වර්ග තුනම මේ වනවිට රජයේ රෝහල්වල නොමැතිවීමෙන් දියවැඩියා රෝගීන් දැඩි අසීරුතාවකට පත්ව සිටියි.
එමෙන් ම වකුගඩු රෝගීන් ඇතුළු රුධිර සෛල ජනනය වීමේ අඩුවක් ඇති රෝගීන් සඳහා ලබාදෙන එරිත්‍රොප්‍රොයටීන් නමැති එන්නත ද මේ වනවිට රෝහල්වල නොමැත.
මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරන වෛද්‍ය චමිල් විජේසිංහ මෙසේ කීවේය.
“මේ වනවිට සෞඛ්‍ය පද්ධතිය තුළ මේ ඖෂධ මෙන්ම වෛද්‍ය සහ ශල්‍ය උපකරණ ගණනාවකත් හිඟයක් තිබෙනවා. පසුගිය මැයි මාසය පමණ වනවිට තිබුණු නිල දත්ත වාර්තා අනුව මධ්‍යම ඖෂධ ගබඩාව තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවලින් 180ක ප්‍රමාණයක තොග හිඟතාවක් දක්නට ලැබුණා. අපට වාර්තාවන තොරතුරු අනුව මේ තත්ත්වය තවත් උග්‍ර වෙමින් තිබෙන්නේ.”
රෝහල්වල නොමැති ඖෂධ වර්ග අතරින් කිහිපයක් පහත සඳහන් කර ඇත.
Pneumococal vaccine Xylocaine spray Chloral Hydrate crystals / liquid Bisacodyl suppository Alprazolam tablets Alandronate
Quetipine
Cefuroxime
Glyceryl Trinitrate injection Metachlorpramide
Lignocaine with Adrenaline
Glucagon
Ceftriaxone
Letrazole tablets Pizotifen
Lamotrigine
Clomipramin
Ceftacidima
Vancomycin
Linazolid
Imipenam
Tigecycline
Erythropoetine
Filgrastim
Lyposomal Amphotericin
Flumezanil
Leveteracetam
Dexmeditomidine
Glycopyrolate
Fuoxetine capsules Thalidomide
Gabapentin 100 mg
Oxcarbazepine
Abirrterone
Tramadol
Protamin sulphate