spot_img
spot_imgspot_img

චීන හමුදා කඳවුරක්, ශ්‍රී ලංකාවට

පුවත්

විදෙස්

චීන නාවික හමුදාවේ දෙවැනි විදේශීය නාවික කඳවුර ශ්‍රී ලංකාවේ හම්බන්තොට ගොඩනගනු ඇතැයි වර්ජිනියාවේ විලියම් සහ මේරි විද්‍යායතනයේ AIDDATA නම් පර්යේෂණ ආයතනය විසින් නිකුත්කර ඇති වාර්තාවක දැක්වේ

“ගෝලීය අභිලාෂයන් ආරක්ෂා කිරීම: චීනයේ වරාය ගමන්මග සහ අනාගත විදේශීය නාවික කඳවුරු සඳහා බලපෑම්” යන මාතෘකාවෙන් යුත් 2023 ජූලි වාර්තාවේ මේ බව සඳහන් කර තිබේ.

චීනය විසින් තම අපනයන සහ ආනයන වෙළෙඳාම අන්තර්ජාතික වශයෙන් ආරක්ෂා කරගැනීම සඳහා චීන හමුදාව විසින් විදේශ නාවික කඳවුරු ස්ථාපිත කරන බවත්, එහි දෙවැනි කඳවුර ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායේ ඉදිකරනු ඇතැයි ද එම අධ්‍යයනය පෙන්වා දෙයි.

චීනය තම අන්තර්ජාතික වෙළෙඳාම ආරක්ෂා කරගැනීම ඉලක්කකරගනිමින්, චීන සමාගම් විසින් විශාල ලෙස ආයෝජනය කරමින් ලොව පුරා විවිධ රටවල වරාය සහ වරාය යටිතල පහසුකම් වැඩිදියුණු කර ඇති ආකාරය පිළිබඳ මෙහි දී පුළුල් ලෙස අධ්‍යයනය කර තිබේ

එම අධ්‍යයනයේ දී චීනය සිය විදේශීය හමුදා කඳවුරු ලෙස යොදාගැනීමට ඉඩ ඇති වරාය 08ක් පිළිබඳ අවධානය යොමුකර ඇත. එම ලේඛනයේ ශ්‍රී ලංකාව ඉහළින්ම සිටියි.

චීන මහජන විමුක්ති හමුදාව ඩොලර් මිලියන 590 ක වියදමින් 2016 දී නැගෙනහිර අප්‍රිකාවේ ජිබුටි හි සිය ප්‍රථම විදේශීය නාවික මුරපොළ ඉදිකර ඇත. එහි 2,000ක චීන හමුදාවක් රඳවා ඇති අතර ඔවුන් චීන යාත්‍රා අප්‍රිකාව සහ ඒ අවට යාත්‍රා කරන විට ඒවා කොල්ලකෑම වැළැක්වීම සඳහා මෙහෙයුම් දියත් කරයි.

අධ්‍යයන වාර්තාවේ සඳහන් කර ඇත්තේ වරායන්වල උපාමාර්ගික පිහිටීම, එම ර‍ටවල දේශපාලන ස්ථාවරත්වය, චීනය සමඟ කටයුතු කිරීමට දක්වන ප්‍රවණතාව යන කරුණු පිළිබඳ සැළකිලිමත් වෙමින් එම ප්‍රමුඛතා ලේඛනය සකස් කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!