spot_img
spot_img

තිස්ස විතාරණයට වාරණයක්. ලංකා සමසමාජ වැඩට ඇඟිලි ගහන්න බෑ

පුවත්

විදෙස්

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණට ලංකා සම සමාජ පක්ෂයේ කටයුතුවල යෙදීම තහනම් කරමින් වාරණ ආඥාවක් නිකුත් කිරීමට කොළඹ දිසා අධිකරණ්‍ය කටයුතු කර තිබේ.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසිනි.

පසුගිය අප්‍රේල් මස 22 වැනි දින ලංකා සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී එම පක්ෂයේ නව ප්‍රධාන ලේකම්වරයකු පත්කර සිටිය දී හිටපු ලේකම් තිස්ස විතාරණ තවදුරටත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කරමින් දේශපාලන කටයුතුවලට බාධා කරන බැවින් ඔහුට එරෙහිව තහනම් නියෝගයක් ඉල්ලා ලංකා සමසමාජ පක්ෂයේ ම පිරිසක් අධිකරණය හමුවේ කරුණු ගොනුකළහ.

එමගින් පැමිණිලිකරුවන් පවසා තිබුණේ හිටපු ප්‍රධාන ලේකම් තිස්ස විතාරණ තවදුරටත් ලේකම්වරයා ලෙස නීති විරෝධී අයුරින් පෙනී සිටීම සහ කටයුතු කිරීම පක්ෂයේ දේශපාලන කටයුතුවලට බාධාවක් බවත්, එය ඉදිරි ගමනට ද හානිකර බැවින් ඔහුට විරුද්ධව අතුරු තහනම් නියෝගය් පනවන ලෙසයි

පැමිණිල්ල විසින් ඉදිරිිපත් කර තිබූ දිවුරුම් ප්‍රකාශ සහ ලේඛන මෙන්ම වාචික ප්‍රකාශ සැළකිල්ලට ගත් දිසා විනිසුරුවරයා විසින් මෙම වාරණ ආඥාව නිකුත් කරන ලදී

පැමිණිල්ල වෙනුවෙන්   නීතිඥ නිශාන් ධර්මසේනගේ උපදෙස් මත නීතිඥ දුල්මිනි කොටිගල සහ නීතිඥ චමන්තා වීරකෝන් පෙනී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!