1 C
New York

විදේශ ආයෝජකයන්ගෙන් කොටස් වෙළෙද පොළට මිලියන 2,345ක්

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද දින ගනුදෙනු අවසාන වන විට 2023 වර්ෂයේ ජනවාරි 01 වැනි දින සිට අද (26) දක්වා විදේශ ආයෝජකයන් ශුද්ධ ලෙස රුපියල් මිලියන 2,345ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර ඇත.

විදේශීය අ‍ායෝජකයන්ගේ ශුද්ධ ආයෝජන ගලා ඒම කොටස් වෙළෙඳ පොළ වර්ධනයට හිතකර සාධකයක් වන අතර විදේශීය මුදල් අගයන් හමුවේ, ශ්‍රී ලංකා රුපියලෙහි මිල උච්ඡාවචනය වීම හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි කොටස් මිල දී ගන්නා විදේශීය ආයෝජකයන්ට වඩා වැඩි ආයෝජන වාසි ලබාගැනීමේ හැකියාව ද සැළසී ඇත.

කොටස් වෙළෙඳ පොළ අද (26) දිනයේ ගනුදෙනු 19,427ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 1,596ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 84ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,985ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 122
  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රුපියල් මිලියන 107
  • එන්ඩීබී බැංකුව රුපියල් මිලියන 85

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • සමූපකාර රක්ෂණ සමාගම කොටස් මිලියන 09
  • පීපල්ස් ලීසිං සමාගම කොටස් මිලියන 07
  • කොටගල වැවිලි සමාගම කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම  33%
  • බ්ලූඩයමන්ඩ් සමාගම 25%
  • රේඩියන් ජෙම්ස් සමාගම 25%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කොටස් 500,000ක් රුපියල් 95.00 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් 295,000ක් රුපියල් 159.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 279
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 230
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 219

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 81ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 93ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 12ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එන්ඩීබී බැංකුව රුපියල් මිලියන 21
  • එයිට්කන්ට් ස්පෙන්ස් රුපියල් මිලියන 04
  • වැලිබල් වන් රුපියල් මිලියන 04

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 24
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 07
  • ප්‍රීමා සමාගම රුපියල් මිලියන 05

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img