spot_img
spot_imgspot_img

විදුහල්පතිනිය ප්‍රදේශයෙන් පළායයි. පොලිසියෙන් ඇය සොයා පරීක්ෂණ

පුවත්

විදෙස්

කූඨ ලේඛන සකස්කර පාසලට ශිෂ්‍යාවන් ඇතුළත් කරගැනීමේ චෝදනා ලබා සිටින, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ හිටපු විදුහල්පතිනිය ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි ද ඇය අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද මහනුවර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

හිටපු විදුහල්පතිනි පී.කේ.ආර්.රණසිංහ තමන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් අපෙක්ෂිත ඇපයක් ඉල්ලා සිටය ද මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි සුගිය 05 වැනි දා එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. මීට අමතරව ඇයට විදේශ ගමන් තහනමක් ද පනවා ඇත.

හිටපු විදුහල්පතිනිය මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ස්ථාන මාරුවක් ලබා පැමිණ ඇති බැවින් ඇය සොයා කාර්යාලයට සහ ඇගේ නිවසට පොලිිසය අවස්ථා කිිහිපයක් ම ගිය ද ඇය සොයාගත නොහැකි වී ඇත. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ ඇය එහි රාජකාරියට පැමිණිය යුතු වුව ද ස්ථානමාරුව ලබාගෙන පැමිණි ඇය සේවයට වාර්තා කර ඇත්තේ එක් දිනක් පමණක් බවයි.

ඇය අසනීප නිවාඩු ඉල්ලා‍ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව ද අනාවරණය වී තිබේ.
කූඨ ලේඛණ උපයෝගි කර ගනිමින් ශාන්ත අන්තෝනි බාලිකාවට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පළාත් අධ්යාපන අමාත්යාංශය මගින් ද විශේෂ පරීක්ෂණයක් කරනු ලැබීය. එහි වාර්තාව අනුව විදුහල්පතිනියට චෝදනා පත්‍රයක් නිකුත් කර තිබෙන අතර සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙතෙක් එය ඇයට බාර දීමට නොහැකි වී ඇත.

අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලකගේ ලිපි ශීර්ෂ, නිල මුද්‍රා හා අත්සන් ව්‍යාජව සකසා සිසුවියන් 18 දෙනෙකු විදුහලට නීති විරෝධී අයුරින් ඇතුළත් කොට ඇති අතර ඊට පෙරද කූට ලේඛණ සකසා සිසුවියන් 180 දෙනෙකු මෙම විදුහලට ඇතුළත් කොට ඇති බව විගණන වාර්තාවකින් හෙළි වී තිබේ. මෙම කූඨ ලේඛණ සෑදූ බවට චෝදනා ලත් පුද්ගලයාද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත. ඊට අමතරව සිසුවියන් ඇතුළත් කිරීම සඳහා කූඨ ලේඛන සකස් කළ බවට චෝදනා ලත් සෙංකඩගල වසමේ ග්‍රාම නිලධාරි මහින්ද සෙනරත් පොල්වත්ත යන අයද, මේ වෙනවිට සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!