spot_img
spot_imgspot_img

පොදු රාජ්‍ය මණ්ඩලයේ ලොකුම වීරයා ශ්‍රී ලංකාවේ උපන් 14 හැවිරිදි දරුවෙක්

පුවත්

විදෙස්

පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අතර වසරක දී වාර්තාවන විශිෂ්ඨතම ජීවිතාරක්ෂක වීර ක්‍රියාවට හිමි සම්මානය වන “මවුන්ට් බැට්න් පදක්කම” දිනාගැනීමට මේ වනවිට නවසීලන්තයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකික දරුවකු වන කල්ය සාරද කන්දෙගොඩ සමත්වූයේය.

ඔහු තවමත් පසුවන්නේ 14 වැනි වියේය. ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩලයේ “මවුන්ට් බැට්න් පදක්කම” දිනාගත් ලාබාලතම තැනැත්තාගේ වාර්තාවට ද ඔහු හිමිකම් කියයි.

2022 අගෝස්තු 27 වැනි දා ඔහු තමන්ගේ බාල සොහොයුරා වන කිත්මි සමඟ නවසීලන්තයේ දකුණු ක්‍රිස්ටෝල්ස් වෙරළ තීරයේ ඔරු පැදීමට ගොස් සිටිය දී දෙදෙනා එකවරම මුහුදට ඇද වැටී තිබේ. ඒ වනවිට මුහුදේ රළ පහර වඩාත් දරුණු වීම නිසා ඔවුන් ආපසු ගොඩබිමට පිහිනා ඒමට කටයුතු කර ඇත. මේ දෙදෙනාට ම පිහිණීමේ හැකියාව තිබිණි. ‍ගොඩබිමට පැමිණි කල්ය දැක ඇත්තේ තම සොහොයුරා රළ පහරට හසුව ඈතට ගසාගෙන යන බවයි. ඔහුට ආපසු පැමිණීමට නොහැකි වී ඇති බව ද ඔහු දැක ඇත.

ඒ මොහොතේ ම තම දිවි පරදුවට තබා නැවත මුහුදු ජලයේ හැකි වේගයෙන් පිහිනා ගිය කල්ය තම සොහොයුරු කිත්මි ආරක්ෂිතව ගොඩට රැගෙන විත් ඇත. ඔහු මීටර 60කට වැඩි දුරක් පිහිනා ‍ගොස් සොහොයුරාත් රැගෙන ආපසු පැමිණි බව වාර්තා වී ඇත. ඔහු එලෙස නොකරන්නට කිත්මිගේ දිවි අහිමිවන්නට තිබූ බැවින් එම ක්‍රියාව වසරේ හොඳම ජීවිතාරක්ෂක වීර ක්‍රියාව ලෙස සම්මානයට පාත්‍ර වී ඇත.

කල්ය කුඩා දරුවකු වුව ද තම දිවි නොකතා කරන ලද මේ ක්‍රියාව පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් 56ක් අතරින් සම්මානයට පාත්‍ර විය.

ඒ අනුව කල්යට රාජකීය ජීවිතාරක්ෂක සංගමය මගින් මවුන්ට් බැට්න් පදක්කම පිරිනැමිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!