Deprecated: Function jetpack_form_register_pattern is deprecated since version jetpack-13.4! Use Automattic\Jetpack\Forms\ContactForm\Util::register_pattern instead. in /home/ratasinhala/public_html/wp-includes/functions.php on line 6031
ඇමරිකාවට තර්ජනය කළ උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් යවයි - Rata.lk
spot_img
spot_imgspot_img

ඇමරිකාවට තර්ජනය කළ උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් යවයි

පුවත්

විදෙස්

උතුරු කොරියාව විසින් සැක කටයුතු බැලස්ටික් මිසයිලයක් ගුවන් ගතකර ඇති බව ජපාන සහ දකුණු කොරියානු බලධාරීහු පවසති.

දිගු දුර මිසයිලයක් වන එය බදාදා(12) උදෑසන ජපාන මුහුදට වැටීමට පෙර පැයකට වැඩි කාලයක් පියාසර කළ බව ඔවුන් වාර්තා කර තිබේ.

මෙම මිසයිල දියත් කිරීම සිදුවන්නේ, ඇමරිකානු ඔත්තු බැලීමේ ගුවන් යානා උතුරු කොරියානු භූමියට කඩා වැදීමේ සිද්ධියට පළිගන්නා බවට තර්ජනය කිරීමෙන් පසුවය.

මෙම සතිය මුලදී උතුරු කොරියානු රජය, එය එවැනි ගුවන් යානා නැවත පැමිණියහොත් බිම හෙළන බවට තර්ජනය කළේය.

තම මිලිටරි මුර සංචාර ජාත්‍යන්තර නීතියට අනුකූල බව පවසමින් වොෂින්ටනය එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

උතුරු කොරියාව නව ආයුධ අත්හදා බැලීමෙන් පසු මේ වසරේ අර්ධද්වීපයේ ආරක්ෂක ගැටළු ඉහළ ගොස් තිබේ. එක්සත් ජනපද භූමියට ළඟා විය හැකි ඒවා ඇතුළුව 2022 දී රට විසින් වාර්තාගත මිසයිල දියත් කිරීම් විශාල සංඛ්‍යාවක් සිදු කරන ලදී.

ඊට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපදය සහ දකුණු කොරියානු අර්ධද්වීපය වටා සිය ඒකාබද්ධ හමුදා අභ්‍යාස වැඩි කර ඇත.

අප්‍රේල් මාසයේ සිදුකළ නවතම බැලස්ටික් මිසයිල අත්හදාබැලීම ද ඇතුළුව උතුරු කොරියාව මෙතෙක් සිය මිසයිල දියත් කිරීම් දිගටම කරගෙන ගොස් ඇත.

උතුරු කොරියාවේ මිසයිලය බදාදා Pyongyang සිට නැඟෙනහිර දෙසට ලැයකට වැඩි කාලයක් පියාසර කර ජපානයට බටහිර දෙසින් පිහිටි මුහුදට එල්ල කළ බව ජපාන වෙරළාරක්ෂක බලකාය වාර්තා කළේය. ඉහළ කෝණ සහිත ගුවන් ගතවූ මිසයිලය කිලෝමීටර් 1,000 ක දුරක් ආවරණය කළ බව දකුණු කොරියානු හමුදාව පවසයි.

බදාදා මෙම මිසයිලය දියත් කළ වහාම දකුණු කොරියානු සහ ඇමරිකානු නිලධාරීන් මුණගැසුණු අතර, ඔවුන්ගේ ඒකාබද්ධ ආරක්ෂාව ශක්තිමත් බවට නැවත අවධාරණය කරමින් ප්‍රකාශයක් නිකුත් කළේය.

“උතුරු කොරියාව විසින් දිගු දුර බැලස්ටික් මිසයිලයක් දියත් කිරීම කොරියානු අර්ධද්වීපයේ සහ ජාත්‍යන්තර ප්‍රජාවේ සාමයට සහ ස්ථාවරත්වයට හානි කරන බරපතල ප්‍රකෝපකාරී ක්‍රියාවක් ලෙසත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනා පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් ලෙසත් අපි තරයේ හෙළා දකිමු”, දකුණු කොරියානු ඒකාබද්ධ ප්‍රධානීහු පැවසූහ.

නොටෝ සමුළුවට සහභාගී වීමට ගොස් සිටින දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙයෝල් ලිතුවේනියාවේ සිට ඔහුගේ ජාතික ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් ද කැඳවා තිබේ. 

https://www.bbc.com/news/world-asia-66172284

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!