spot_img

පාසල් සිසුවකුට අතවර කළ ෆාදර්, පොලිසිය මඟහැර සැඟවෙයි

පුවත්

විදෙස්

පාසල් දරුවකුට වසරකට ආසන්න කාලයක් අතවර කළ බව කියන මාරවිල ප්‍රදේශයේ පූජකරවයෙක් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි මාරවිල පොලිසිය පවසයි.

මාරවිල ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක මීසම බාරවව සිටින මෙම පූජකයා රටින් පැනයාම වැළැක්වීම සඳහා අධිකරණයට කරුණු වාර්තා කර නියෝගයක් ගැනීමට ද පොලිසිය කටයුතු කර ඇත.

පාසල් සිසුවාට හොඳ අධ්‍යාපනයක් ලබාදෙන බවට දෙමාපියන්ට පොරොන්දු වී පල්ලියට ගෙන්වා නතරකරගෙන 2021 වර්ෂයේ සිට එම දරුවාට අතවර කර ඇතැයි ද මූලික පරීක්ෂණවලින් අනාවරණ්‍ය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දෙමාපියන් විසින් පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම ‍පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසයි. අතවරයට ලක් වූ දරුවා වෛද්‍ය පරීක්ෂණයකටත් යොමුකර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles