spot_img

භික්ෂුවක්, ශබ්ද විකාශන යන්ත්‍ර ඇතුළු පිරිකර සොරකම් කළා යැයි අධිකරණයට

පුවත්

විදෙස්

ශබ්ද විකාශන යන්ත්‍ර, පාත්තර ඇතුළු පූජා භාණ්ඩ රැසක් සොරකම් කරන ලදැයි සැකපිට කටුගස්තොට හල්ඔළුව ශ්‍රී සාරානාථ පිරිවෙන් විහාරස්ථානයේ භික්ෂුවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකරකු මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 15,000ක මුදල් ඇපයක් සහ රුපියල් 150,000ක ශරීර ඇපයක් මත මුදා හැර තිබේ.

සාරානාථ පිරිවෙන් විහාරයේ හමං‍ගොඩ සුමංගල හිමි විසින් කටුගස්තොට පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව කරන ලද විමර්ශනයකින් අනතුරුව එම හිමියන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර හිමිනම එම විහාරස්ථානයේ ම වැඩවාසය කරන අයකු බවත් රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා පූජා භාණ්ඩ සහ උපකරණ තොගයක් සොරාගෙන ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කර තිබිණි. අත්අඩංගුවට ගත් හිමියන් පොලිසියේ දී සිය වරද පිළිගෙන ඇත.

පසුගිය අප්‍රේල් මාසයේදී සුදු යකඩ පාත්තර 50ක්, ශබ්ද පරිපාලන යන්ත්‍ර 05ක්, බෆල් 24ක්, පිත්තල බන්දේසි සහ පිත්තල මල්පෝච්චි ඇතුළු භාණ්ඩ හිමියන් විසින් සොරකම් කර ඇතැයි පැවසේ. සොරාගත් භාණ්ඩ කටුගස්තොට ප්‍රදේශයේ පූජා භාණ්ඩ අලෙවි සැළකට විකුණා තිබියදී ඉන් කොටසක් පොලිසිය විසින් සොයාගනු ලැබ ඇත.

සැකකාර භික්ෂුවට නොවැම්බර් 28 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles