spot_img
spot_imgspot_img

ශිෂ්‍යත්ව විභාගයට දින නියම වේ. අයදුම්පත්‍ර කැඳවීම අද සිට

පුවත්

විදෙස්

ශිෂ්‍යත්ව විභාගය 2023 වර්ෂයේ ඔක්තෝබර් මස 15 වැනි දා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද (15) සිට ජූලි මස (06) වැනි දා දක්වා ඒ සඳහා අයදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර තිබේ. අයදුම්පත් එවිය යුත්තේ මාර්ගගත ආකාරයෙන් වන අතර, අයදුම් කිරීමේ උපදෙස් පත්‍රය හා ඊට අදාල උපදෙස් https://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසන්නේ කිසිදු හේතුවක් මත අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදුනොකරන බවයි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් විය හැක්කේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත පාසලක 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණක් බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර ඇත.

ශිෂ්‍යාධාර පිරිනමනු ලබන්නේ 2024 ජනවාරි 31 වන දිනට වයස අවුරුදු 11ට අඩු අවුරුදු 10 හෝ 10ට වැඩි අඩු ආදායම් සහිත සිසුන්ට පමණි.

වැඩිදුර විස්තර 

දුරකථන අංක 0112 784 537 / 0112 786 616 / 0112 784 208

ක්ෂණික ඇමතුම් – 1911

ෆැක්ස් අංකය – 0112 784 422

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!