spot_img
spot_imgspot_img

ජාත්‍යන්තර සම්මානලාභී මාධ්‍යවේදියාට වසර 06ක සිර දඬුවම්

පුවත්

විදෙස්

ග්වාතමාලා අධිකරණය විසින් එරට මාධ්‍යවේදී ජොසේ සැමෝරාට වසර හයක සිර දඬුවමක් නියම කර තිබේ. ඔහුට මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා කර තිබිණි. 66 හැවිරිදි සැමෝරාට ඩොලර් 38,000 (පවුම් 30,000) දඩයක් ද නියම විය.

මානව හිමිකම් සංවිධාන විසින් මෙම නඩුව හෙලා දැක තිබිණි. සැමෝරාට එරෙහිව එල්ල වී ඇති චෝදනා ඔහු විස්තර කළේ “දේශපාලන හිංසා” ලෙසය.

සැමෝරා යනු ජනාධිපති Alejandro Giammattei සහ ඔහුගේ සහචරයින් සම්බන්ධ යැයි කියනු ලබන දූෂණ ගැන නිතිපතා වාර්තා කරන පුවත්පතක් වන El Periódico හි නිර්මාතෘවරයාය.

ජනප්‍රිය දිනපතා පත්‍රය වසර 30කට ආසන්න කාලයක් ක්‍රියාත්මක වීමෙන් පසු මැයි මාසයේදී වසා දමන ලදී.

ග්වාතමාලා නගරයේ අගනුවර පැවති ඉහළ පෙළේ නඩු විභාගය අතරතුර, රජයේ අභිචෝදක කාර්යාලය ගෞරවනීය මාධ්‍යවේදියාට වසර 40 ක සිර දඬුවමක් ඉල්ලා සිටියේය.

උසාවියෙන් පිටත දී සැමෝරා කියා සිටියේ තමාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් ඔහු “තවමත් නිර්දෝෂී” බවයි. ජනාධිපති ජියමැට්ටෙයිගේ රජය විසින් සිය බිරිඳ ද ඉලක්ක කරනු ඇතැයි යන බිය නිසා ඇය එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට සිදුවී ඇති බවත්ය.

සිවිල් අයිතිවාසිකම් කණ්ඩායම් පවසන්නේ බදාදා උසාවියේ තීන්දුව දුප්පත් මධ්‍යම ඇමරිකානු රටක් වන ග්වාතමාලාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම බවයි. ඔවුන් චෝදනා කරන්නේ ජනාදිපතිවරයා ඒකාධිපති ක්‍රමයක් අනුගමනය කරන බවයි. ජනාධිපතිවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ග්වාතමාලාවේ මහ මැතිවරණය දින කිහිපයකින් පැවැත්වීමට නියමිත අතර විපක්ෂයේ අපේක්ෂකයින් හතර දෙනෙකුගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.

පසුගිය ජූලි මාසයේදී සැමෝරා අත්අඩංගුවට ගනු ලැබීය. පසුව එල් පෙරියෝඩිකෝ පුවත්පත් කාර්යාලයට සහ ග්වාතමාලා නගරයේ පිහිටි ඔහුගේ නිවසට පොලිස් වැටලීම් සිදු කරන ලදී.

මෙම වැටලීම් රටේ ජාතික මාධ්‍යවල පුළුල් ලෙස ආවරණය වූ අතර රූපවාහිනී නාලිකා කිහිපයක් මෙම අවස්ථාව සජීවීව විකාශය කළේය.

ගෝතමාලාවේ රාජ්‍ය අමාත්‍යාංශයේ දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා වන රෆායෙල් කර්රුචිචේ පසුව කියා සිටියේ සැමෝරාට චෝදනා කරන්නේ “පුද්ගල ව්‍යාපාරිකයෙකු ලෙස මිස මාධ්‍යවේදියෙකු ලෙස නොවන බවත් මෙම ක්‍රියාව ඔහුගේ පුවත්පතට එරෙහිව නොවන” බවත්ය.

ඇමරිකාවේ මාධ්‍ය නිදහස තහවුරු කිරීම සහ අන්තර්-ඇමරිකානු අවබෝධය සඳහා දායක වීම වෙනුවෙන් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ කීර්තිමත් Maria Moors Cabot ත්‍යාගය ඇතුළු ජාත්‍යන්තර පුවත්පත් සම්මාන කිහිපයක් සැමෝරා දිනාගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!