spot_img
spot_imgspot_img

පාස්පෝර්ට්, හෙට සිට ඔන්ලයින් දෙන්නේ මෙහෙමයි

පුවත්

විදෙස්

විදේශ ගමන් බලපත්‍ර ඔන්ලයින් ක්‍රමයට අයදුම් කිරීම හෙට (15) සිට ආරම්භ කරයි.

මජහන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසන්නේ ඔන්ලයින් ක්‍රමයට අයදුම් කරන පුද්ගලයන්ට තම ඇඟිලි සලකුණු, දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51 කට අනුබද්ධ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලවදී ලබා දීම සිදුකල හැකි බවයි.

ඔන්ලයින් ක්‍රමයට විදේශ ගමන් බලපත්‍ර නිකුත්කිරීමේ වැඩපිලිවෙල ආරම්භ කිරීමෙන් පසු වුව ද අවශ්‍යනම් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණ අයදුම්පත් බාර දී විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකියාව පවතී.

විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ එක්දින සේවාව ද සාමාන්‍ය පරිදි සිදු කරන බවත්

මෙම නව වැඩපිළිවෙළ යටතේ විදේශ ගමන් බලපත්‍රයක් අයදුම් කළ පසු අයදුම්කරුවන්ට දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය කුරියර් සේවාවකට ලබා බැවින් එය නිවසටම ගෙන්වා ගත හැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වැඩිදුරටත් කීවේය.

ඇඟිලි සළකුණු ලබාදිය හැකි ප්‍රාදේශීය ලේකම් කාර්යාල පහත සඳහන් කර ඇත.

දිස්ත්‍රික්කයප්‍රාදේශීය ලේකම් කාර්යාල
අම්පාරසමන්තුරේ, පොතුවිල්
අනුරාධපුරනුවරගම් පළාත මධ්‍යම, කැකිරාව, හොරොව්පතාන
බදුල්ලමහියංගනය, හපුතලේ
මඩකලපුවකෝරළෙයිපත්තු (වාලච්චේනයි), කාත්තන්කුඩි
කොළඹසීතාවක, හෝමාගම
ගාල්ලකරන්දෙනිය, අක්මීමන, නෙළුව
ගම්පහමීගමුව, මීරිගම, ගම්පහ
හම්බන්තොටතංගල්ල, තිස්සමහාරාමය
යාපනයචාවකච්චේරි, පේදුරුතුඩුව
කළුතරඉංගිරිය, මතුගම, පානදුර
මහනුවරගම්පොල, කුන්ඩසාලේ, පූජාපිටිය
කෑගල්ලගලිගමුව, රුවන්වැල්ල
කිලිනොච්චියකරච්චි
කුරුණෑගලපු.ලි.දෙ. වයඹ පළාත් ප්‍රාදේශීය කාර්යාලය, කුලියාපිටිය, නිකවැරටිය 
මන්නාරමමන්තායි බටහිර
මාතලේනාවුල
මාතරඅතුරලිය, දෙවිනුවර
මොනරාගලබුත්තල
මුලතිව්මුලතිව්
නුවරඑළියඅඹගමුව, වලපනේ
පොලොන්නරුවඇළහැර, දිඹුලාගල, හිඟුරක්ගොඩ
පුත්තලමපුත්තලම, හලාවත
රත්නපුරබලංගොඩ, කුරුවිට, ඇඹිලිපිටිය
ත්‍රිකුණාමලයකින්නියා
වව්නියාවවෙංගලසෙට්ටිකුලම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!