spot_img
spot_imgspot_img

දේවගැතියකුගේ කීමට රැවටී, කුසගින්නේ සිට මියගිය ගණන 300 ඉක්මවයි

පුවත්

විදෙස්

ලෝක විනාශයට පෙර ජේසුස් වහන්සේ හමුවීම සඳහා කුසගින්නේ මියයායුතු බවට දේශනා කළ කෙන්යානු දේවගැතිවරයාගේ අනුගාමිකයන් 300කගේ පමණ සිරුරු ‍මේ වනවිට හමුවී ඇතැයි බලධාරීහු පවසති. සමූහ මිනී වලකින් සිරුරු 19ක් ගොඩගැනීමෙන් පසු සොයාගත් සිරුරු සංඛ්‍යාව 300ක් බවට පත්විය.

තවත් සමූහ මිනීවලවල් කිහිපයක් සොයාගෙන ඇති බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

‍දේවගැති පෝල් මැකෙන්සි සහ ඔහුගේ අනුගාමිකයන් ජීවත් වූ කෙන්යාවේ වෙරළබඩ කිල්ෆි ප්‍රාන්‍තයේ විශාල වනාන්තර භූමියකින් මෙම සිරුරු සොයාගෙන තිබේ. පසුගිය අප්‍රේල් මාසයේදී බලධාරීන්ට ලැබුණු ඔත්තුවක් අනුව සමූහ මිනී වළවල් 14ක් සොයාගත් අතර විමර්ශනයට ලක්නොවූ ප්‍රදේශයේ තවත් මිනී වළවල් ඇති බවට සඳහන් විය.

වෙරළබඩ ප්‍රාදේශීය කොමසාරිස් රෝඩා ඔන්යාන්චා පැවසුවේ නිකායට බැඳුනු පුද්ගලයින් 613 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි.

බලධාරීන් විසින් බේරාගත් පල්ලියේ සාමාජිකයන් 95 දෙනාගෙන් 65 දෙනෙකුට සියදිවි නසා ගැනීමට තැත් කිරීමේ චෝදනාව එල්ල වූයේ ඔවුන් නවාතැන්පලක රඳවා තබා ගැනීමට විරෝධය දැක්වීම සඳහා උපවාසයක් පැවැත්වීම හේතුවෙනි. පසුව ඔවුන් බන්ධනාගාරයකට ගෙන යන ලදී.

කුසගින්නේ මියයෑම ජේසුස් වහන්සේ හමුවීමට මාර්ගයක් බව මෙම දේවගැතිවරයා පැවසීමෙන් පසු දුසිම් ගනනක් මිනිසුන් සාගින්නෙන් මිය යන බවට විමර්ශකයින්ට ඔත්තුවක් ලැබී තිබිණි.

මියගිය අය ගුඩ් නිවුස් ජාත්‍යන්තර පල්ලියේ සාමාජිකයන් යැයි සැලකේ. ලෝකයේ අවසානයට පෙර ස්වර්ගයට යෑම සඳහා ඔවුන් කුසගින්නේ සිටීමට පෙළඹවූ බව විශ්වාස කෙරේ. ‍දේවගැති පෝල් මැකෙන්සි මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවේ.

කෙන්යාව යනු ජනගහනයෙන් 85% ක් කිතුනුවන් ලෙස හඳුනා ගන්නා ගැඹුරු ආගමික රටකි.

https://www.reuters.com/world/africa/death-toll-kenyan-doomsday-cult-crosses-300-2023-06-13/?taid=6488dff6b58b2500019c2cc7&utm_campaign=trueAnthem:+Trending+Content&utm_medium=trueAnthem&utm_source=twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!