spot_img

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොටස් වෙළෙඳ පොළ අද (14) දිනයේ ගනුදෙනු 20,973ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,709ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 146ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,216 ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එල්බී ෆිනෑන්ස්  සමාගම රුපියල් මිලියන 381
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 289
  • කාර්ගීල්ස් සමාගම රුපියල් මිලියන 288

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම  කොටස් මිලියන 37
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 15
  • එල්බී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 07

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ඩ් සමාගම 25%
  • පීඑම්එෆ් ෆිනෑන්ස් සමාගම 13%
  • මර්චන්ට් ෂිපිං සමාගම 11%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම කොටස් 800,000ක් රුපියල් 141.50 බැගින්
  • හේලීස් සමාගම කොටස් 300,000ක් රුපියල් 72.00 බැගින්
  • සම්පත් බැංකුව කොටස් 500,000ක් රුපියල් 53.00 බැගින්
  • ලංකා අයිඕසී සමාගම කොටස් 200,000ක් රුපියල් 129.00 බැගින්
  • එල්බී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 5.4ක් රුපියල් 53.50 බැගින්
  • කාර්ගීල්ස් සමාගම කොටස් 960,000ක් රුපියල් 250.00 බැගින්
  • සීටීඑච්ආර් සමාගම කොටස් 740,000ක් රුපියල් 180.00 බැගින්
  • ඩිස්චරලීස් සමාග කොටස් මිලියන 01ක් රුපියල් 21.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 269
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 205
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 196

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 302ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 492ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 190ක මුදලක් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • කාර්ගීල්ස් සමාගම රුපියල් මිලියන 236
  • හේලීස් සමාගම රුපියල් මිලියන 14
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 12

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • එල්බී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 370
  • සම්බත් බැංකුව රුපියල් මිලියන 61
  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 09

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles