spot_img

හමුදාව, අලියෙක් මරා සඟවලා

පුවත්

විදෙස්

යුද හමුදාව විසින් පොළොන්නරුව, කන්දකාඩු ප්‍රදේශයේ පවත්වාගෙන යන ගොවිපොළක වන අලියෙක් මරා වළදමා තිබිය දී සොයාගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙම අලියා මීට දින දෙකකට පමණ පෙර මරා වළ දමන්නට ඇතැයි වනජීවී නිලධාරීහු සැකකරති. අලියා වළදැමීමෙන් අනතුරුව ශරීර කොටස් මතු වී ඇති බැවින් එවා සැඟවීමට කොළඅතුවලින් වසා දමා තිබූ බව ද වාර්තා වේ.

සොමාවතිය අඩවි සහකාර සී.ඒ.වනසිංහ පවසන්නේ මෙම අලියාගේ මළ සිරුර පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කර එය ගොඩගෙන මරණ පරීක්ෂණයක් පැවැත්වීමට සිදුවන බවයි.

සැකකටයුතු ලෙස කොළඅතු ගොඩගසා තිබූ ස්ථානයක අලියකුගේ සිරුරු කොටස් පොළොවෙන් ඉහළට මතු වී තිබෙනු දැක ප්‍රදේශවාසියකුගෙන් ලැබුණු තොරතුරු අනුව කරන ලද සොයාබැලීමකින් මෙම ඝාතනය පිළිබඳ හෙළිි  වී තිබේ.

මරණ පරීක්ෂණය ගිරිතලේ වනජීවී පශු වෛද්‍යවරුන් විසින් සිදුකිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles