14.7 C
New York

පොලිසියට අධිකරණයෙන් දැඩි දෝෂාරෝපණයක්

Published:

යටි ඇන්දේ දත් ගැලවී හකු අස්ථිය පුපුරන ලෙස පොලිස් නිලධාරියකු පහර දුන් සැකකරුවන්ට ඇප ගැනීමට හැකිවන ආකාරයෙන් පදවිය පොලිසිය අධිකරණයෙන් කරුණු වසන්කර ඇතැයි පවසමින් පදවිය මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක පොලිසියට දැඩි දෝෂාරෝපණයක් එල්ල කළේය.

සංගීත සංදර්ශනයක් බැලීමට ගොස් සිටි පොලිස් කොස්තාපල්වරයකුට හමුදාවෙන් පලාගිය සෙබළකු ඇතුළු බීමත් පුද්ගලයන් තිදෙනකු විසින් දරුණු ලෙස පහර දී ඔහුගේ ගෙලෙහි තිබූ රන් මාලය පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩුව කැඳවා තිබිණි. පොලිස් කොස්තාපල්වරයාගේ මව මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට පැමිණි අවස්ථාවේ දී පැමිණිල්ල බාර නොගත් පදවිය පොලිසිය දින 04ක් ම එම මව ආපසු හරවා යවා තිබිණි. එම කරුණු පැහැදිලි කරමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් දිසානායක කියා සිටියේ පදවිය පොලිසිය, සැකකරුවන්ට ඇප ලබාගැනීමට හැකි ආකාරයෙන් අධිකරණයෙන් කරුණු වසන්කර ඇති බවයි.

ඉදිරිපත් වූ මෙම කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා පොලිසිය අගතියට පත්වන පාර්ශව වෙනුවෙන් කටයුතු කරන වැරදි ආකාරය පිළිබඳ දෝෂාරෝපණයක් ද කළේය.

Related articles

Recent articles

spot_img