spot_img

හොර ප්‍රශ්න පත්‍ර ජාවාරමක් නිසා සාමාන්‍ය පෙළ විභාගයේ සිසුන් අමාරුවේ

පුවත්

විදෙස්

සාමාන්‍ය පෙළ විභාගයට නියමිත ප්‍රශ්න පත්‍ර බව පවසමින් ව්‍යාජ ප්‍රශ්න පත්‍ර නිර්මාණය කර මුදල් ගැරීමේ ජාවාරමක් පිිළිබඳ තොරතුරු වාර්තාවන බව ලංකා ගුරු සංගමය බවසයි.

ඊයේ (31) දිනයේ සාමාන්‍ය පෙළ විභාගයේ ඉතිහාසය විෂය පැවැති අතර ඊට පෙර දින සවස් කාලයේ ඉතිහාසය විෂය සම්බන්ධයෙන් ලැබෙන ප්‍රශ්න පත්‍රය බව පවසමි ව්‍යාජ ප්‍රශ්න පත්‍රයක් සිසුන්ට මුදලට විකුණා තිබිණි.

මෙය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සිදුකළ බවට ලංකා ගුරු සංගමය වෙත සාක්ෂිි ලැබී ඇත.

එමෙන් ම එම ව්‍යාජ ප්‍රශ්න පත්‍රය සිසුන්ගේ වට්ස් ඇප් සමූහ වෙත යොමුකර සිසුන් අතර වේගයෙන් සංසරණය වී තිබිණි.

ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මේ සම්බන්ධ අදහස් දක්වමින් මෙසේ කීවේය.

“මේක නීති විරෝධී ක්‍රියාවක්. බරපතල වරදක්. දරුවන් විභාගයට සූදානම් වී සිටිය දී විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ප්‍රශ්න පත්‍රවලට සියලුම ආකාරයෙන් සමානවන ව්‍යාජ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරලා මුදලට විකුණනවා. එමගින් දරුවන් නොමග යවනවා. රජය මේ ගැන වහාම සොයා බැලිය යුතුයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීලා ඒ ගැන පරීක්ෂණයක් පවත්වන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේක ප්‍රධාන වශයෙන් ම අපිට වාර්තා වෙන්නේ ගාල්ල සහ මාතර දිිස්ත්‍රික්ක දෙකෙන්. තවත් දිස්ත්‍රික්ක කිහිපයක වෙනත් විෂයයන් සම්බන්ධයෙන් මෙවැනි සිද්ධි වාර්තා වුණා. ඒ වගේ ම ඉදිරියටත් මෙය සිදුවිය හැකියි. ඒ නිසා අපි දරුවන්ගෙන් සහ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා මේ වංචාවට හසුවෙන්න එපා කිියලා. විභාග දෙපාර්තමේන්තුව විභාගයට දින කිහිපයකට පෙර සහ විභාගය පවත්වන දින කිහිපයේ උපකාරක පන්ති පවා තහනම් කරනවා. මේ වගේ ප්‍රශ්න පත්‍ර ලබාදීම කිසිසේත්ම කළ නොහැකි දෙයක්. ඒ නිසා වහාම වරදකරුවන්‍ සොයා දඬුවම් දිය යුතුයි.”

ඉතිහාස විෂය සම්බන්ධයෙන් බෙදාහරින ලද ව්‍යාජ ප්‍රශ්න පත්‍රය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles