spot_img
spot_imgspot_img

හිරුණිකා වරදකාරියක් ද ? සනාථ කිරීමට අධිකරණයේ දී වීඩියෝ දිගහරී

පුවත්

විදෙස්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආරක්ෂකයන් පිරිසක් විසින් පැහැරගන්නා ලදැයි කියන අමිල ප්‍රියංග අමරසිංහ, තමන් සේවය කළ වෙළෙඳ සැළේ සීසීටීවී දර්ශන ඉදිරිපත් කරමින් අද (01) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ සාක්ෂි දුන්නේය.

අද පැමි‍ණිල්ලේ සාක්ෂි විමසූ දෙවැනි දිනයයි.

2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දෙමටගොඩ දී අමිල ප්‍රියංග අමරසිංහ අයුතු ලෙස සිරකිරීමේ අදහසින් පැහැර ගැනීමට කුමන්ත්‍රණය කිරීම, සිරකිරීම පොදු අරමුණ කරගත් නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කිරීම, එලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන යෑම, ඒ සඳහා ආධාර අනුබල දීම, සාපරාධී බලහත්කාරය පෑම, අඬන්තේට්ටම් කිරීම, සාපරාධී ලෙස බියගැන්වීම ඇතුළු චෝදනා 29ක් යටතේ නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

මෙම සිද්ධිය සනාථ කිරීම සඳහ කුඩා දැරියක ඇතුළු සාක්ෂිකරුවන් 10 දෙනකු පමණ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ලේඛන කිහිපයක් ද ඉදිරපත් කරන බවත් නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම නඩුව කැඳවනු ලැබු මුල් අවස්ථාවේදී ම හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආරක්ෂකයන් 08 දෙනකු වරද පිළිගත් අතර ඔවුන්ට වසර 12කට අත්හිටුවන ලද සිරදඬුවම් සහ රුපියල් 1,65,000/-ක දඩ නියම කරන ලදී. එමෙන්  ම පැහැරගැනීමට ලක් වූ පුද්ගලයාට රුපියල් 2,85,000/- වන්දියක් ගෙවීමටද ඔවුන්ට නියම කෙරිණි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පමණක් තමන් නිවැරදිකරු බව පැවසීම නිසා ඇයට එරෙහි නඩුව විභාග කිරීමට පියවර ගෙන තිබු අතර මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාරිය අධිකරණයේ පෙනී සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!