spot_img

නතාෂා රිමාන්ඩ්

පුවත්

විදෙස්

බුද්ධාගමට අපහාස කරමින් ප්‍රකාශයක් සිදුකළා යැයි චෝදනා කරමින් අද (28) අලුයම කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගත් ජයනි නතාෂා එදිරිසූරිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී, ලබන 07 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි නියෝග කර තිබේ.

“මෝඩාභිමානය” නමැති ප්‍රහසන වැඩසටහනක් ඉදිරිපත් කරමින් ඇය බුද්ධාගමට අපහාස කරන ලදැයි චෝදනා එල්ල කර තිබිණි. ඇයගේ ඉදිරිපත් කිරීම් දැක්වෙන වීඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍ය ජාලාවලින් ප්‍රකාශයට පත්කර තිබූ අතර එය විශාලවශයෙන් හුවමාරු වෙමින් තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles