spot_img
spot_imgspot_img

මියගිය දරුවකුගේ සිරුර පියා විසින් බලෙන්ම රැගෙන යයි. පියා සොයා පොලිස් පරීක්ෂණ

පුවත්

විදෙස්

හදිසියේ ම සිහි නැති වූ බව කියමින් රෝහලට ඇතුළත් කළ දරුවකු මියගිය බසු බලහත්කාරයෙන් රෝහලෙන් රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

මියගිය දරුවකු සම්බන්ධයෙන් ගතයුතු නීතිමය ක්‍රියාමාර්ගවලට ඉඩ නොදී මෙලෙස රැගෙන යාම නීති විරෝධී බැවින් එම පිය ඇත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට නුවරඑළිය මූලස්ථාන පොලිසිය විසින් මෙහෙයුමක් දියත් කර තිබේ.

වෛද්‍යවරු පොලිසියට වසා ඇත්තේ නුවරඑළිය නගරයේ සංචාරයකට පැමිණි පුද්ගලයකු තම දරුවා රෝහලට රැගෙන ආවේ හදිසියේ ම සිහිනැති වූ බව කියමිනි. එම දරුවා පරීක්ෂාකළ වෛද්‍යවරු ඔහු මියගොස් ඇතැයි පියාට පවසා ඇත. එම අවස්ථාවේ පියා වෛද්‍යවරු සමඟ උරණ වී දරුවා රැගෙන ගොස් ඇති බව වෛද්‍යවරුන් පොලිසියට කියා ඇත.

මීට කලිනුත් දරුවට කලන්තයක් ඇවිත් දරුවා මැරුණා කියලා වෛද්‍යවරු මාව බය කරා, මම පෞද්ගලික රෝහලට දරුවා ගෙනිහින් බේරගන්නවා” යනුවෙන් ඔහු පවසා ඇත. මෙලෙස රැගෙන ගොස් ඇත්තේ වයස අවුරුදු 14ක දරුවෙකි.

හදිසි තත්ත්වයකින් පැමිණිම හේතුවෙන් දරුවාගේ හෝ අදාළ පුද්ගලයාගේ කිසිදු තොරතුරක් ලබාගැනීමට රෝහලට හැකියාව ලැබී නොමැත.

දරුවා රැගෙන පැමිණි බස් රථය සම්බන්ධයෙන් CCTV කැමරා පරීක්ෂා කර ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිත බව ද පොලීසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!