spot_img
spot_imgspot_img

ඩෙංගු අසාදිතයන්ට මාරාන්තික විය හැකි ඖෂධ ගැන දැනුම්වත් වෙන්න

පුවත්

විදෙස්

මේ දිනවල රටපුරා බොහෝ ප්‍රදේශවල පතින උණ රෝගය, අධික ඇඟපත වේදනාව සහ හිසේ කැක්ුම සඳහා ප්‍රතිකාරයක් ලෙස පැරසිටමෝල් හැර වෙනත් වේදනා නාශක වෛද්‍ය උපදෙස්වලින් තොරව භාවිතා නොකරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කර්යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මෙවැනි දැනුම්දීමක් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මේ වනවිට ඩෙංගු උණ රෝගය ව්‍යාප්තවීම සහ වේදනා නාශක ලෛස භාවිතා කරන ස්ටෙරොයිඩ් නොවන ප්‍රති ප්‍රදාහ ඖෂධ (Non Steroidal Anti Inflammatory Drugs) මාරාන්තික තත්වයක් ඇතිකිරීමට හේතුවී ඇති බැවිනි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ NSAID ඖෂධ කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිතා කර තිබූ ඩෙංගු ආසාදිතයන් කිහිප දෙනකු මියගොස් ඇති බවයි.

NSAID කාණ්ඩයට අයත් ඖෂධ වර්ග වන්නේ ඩික්ලොෆෙනැක් සෝඩියම්, ඉබියුප්‍රොෆන්, මෙෆැනමික් ඇසිඩ්, ඉන්ඩොමෙතසින්, නැප්ප්‍රොක්ස්සෙන්, සෙලෙකොක්සිබ්, ඇස්ප්‍රීන් යන වේදනා නාශකය. මේවා ඉතා හොඳ වේදනා නාශක වුවත් ඩෙංගු රෝගී තත්ත්වයක් යටතේ දී මෙම ඖෂධ සියල්ලටම පොදු කරුණක් වන ලේ කැටි ගැසීම අඩු කිරීමේ හේතුව නිසා ඩෙංගු රෝගය වැළඳුනහොත් මෙවැනි ඖෂධ ගත් රෝගීන් දැඩි සංකූලතා ඇති කිරීම සහ ඇතැම්විට මරණයට පත්වීමයි.  

මේ දිනවල උණ ඇතිවුවහොත් මුලින්ම කළ යුත්තේ හොඳින් විවේක ගැනීම, හොඳින් දියර වර්ග පානය කිරීම සහ උණ වේදනාවට නියමිත මාත්‍රාව අනුව පැරසිටමෝල් ඖෂධය භාවිතා කිරීමයි. උණ තත්ත්වය දින දෙකට වඩා පවතින්නේ නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හෝ රෝහලක් වෙත වහාම යොමුවීම කළ යුතුයි.

යම් රුධිර පරීක්ෂණ නියම කර ඇත්නම් උණ තත්ත්වය පහව ගියත් එම පරීක්ෂණවල වාර්තා අනිවාර්යෙන්ම වෛද්‍යවරයාට පෙන්වීමත් වැදගත්. මීට අමතරව උණ රෝග සඳහා වෛද්‍ය උපදෙස් වලින් තොරව ප්‍රෙඩ්නිසොලෝන්, ඩෙක්සාමෙතසෝන් වැනි ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධ ලබා ගැනීමත් සුදුසු වන්න් නැත.

ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝගය යළි ව්‍යාප්ත වෙමින් තිබෙන අතර දැනට ශ්‍රී ලංකා ජනගහනයෙන් වැඩි පිරිසක් ප්‍රතිරෝධයක් නොදක්වන ඩෙංගු නව ප්‍රභේදයක් ( DEN 3) පැතිරීම බව ද තහවරු කරගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!