spot_img
spot_imgspot_img

හාමුදුරුවෝ, අම්මත් දුවත් අඹුකමට අරන්. ජනාධිපතිවරු දෙදෙනකුට උපදෙස් දුන් ව්‍යාපාරික හිමිනමක් රිමාන්ඩ්

පුවත්

විදෙස්

මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරු දෙදෙනාගේ උපදේශක සහ ආගමික කටයුතු සම්බන්ධීකාරක ලෙස කටයුතු කළ එගොඩඋයනේ ඥානවිමල නමැති හිමිනමක් ලබන 30 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් කෝසල සේනාධීර ඊයේ (16) නියෝග කර තිබේ.

ඒ 11 හැවිරිදි දැරියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඥානවිමල අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ය. අතවරයට පත්වූ බව කියන දැරියගේ මව එගොඩඋයනේ ඥානවිමල සමඟ කාලයක සිට සමීප සම්බන්ධතාවක් පවත්වා ඇති බවත්. එම මව තම දියණිය ද කැටුව එගොඩඋයනේ ඥානවිමලට හිමි තට්ටු නිවාස සංකීර්ණයකට ගිය අවස්ථාවක දී දැරිය අතවරයට පත්ව ඇති බව දැන දැනත් එය සඟවා තබාගැනීම හේතුවෙන් මව ද සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ඇය ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදාහැර ඇත.

රිමාන්ඩ් කරන ලද හිමියන් මොරටුව එගොඩ උයන බෝදිරාජාරාමයේ සිටි භික්ෂුවකි. ඔහු දේශපාලන බලය උපයෝගී කරගනිමින් රාජ්‍ය ආයතනවලට පවා බලපෑම් එල්ල කළ පුද්ගලයකු බව ප්‍රදේශවාසීහු චෝදනා කරති. චන්ද්‍රිකා රජයෙන් ජී.එල්.පීරිස් ඇතුළු පිරිසක් ඉවත්ව ගිය අවස්ථාවේ දී මොර‍ටුවේ මාර්ගය වසා ජී.එල්.පීරිස්ගේ පාංශකූලය දීමෙන් හෙතම දේශපාලන නායකයන්‍ගේ අවධානය දිනාගත්තේය.

මෙම හාමුදුරුවන් 62 හැවිරිදි වියේ පසුවන අතර ඔහු සමඟ සම්බන්ධතා පැවැත්වූ කාන්තාව 36 හැවිරිදි මවකි. ඇය සිය සැමියාගෙන් වෙන්ව ජීවත්වන අතර අතවරයට පත්වූ 11 හැවිරිදි දැරිය ඇය සමඟ ජීවත්වූවාය. එම දියණියට එගොඩඋයනේ ඥානවිමල විසින් අවස්ථා දෙකක දී අතවර කර ඇති බවත්, දියණිය තම මවට ඒ බව කීව ද කිසිවෙකුට ඒ බව නොපවසන ලෙස මව දැරියට අවවාද කර ඇති බවත් පොලිසිය කියයි. නමුත් දැරිය තම මිත්තණියට ඒබව දැනුම්දීමෙන් පසු මවගෙන් වෙන්ව සිටින පියා සමඟ පොලිසියට පැමිණ කරන ලද පැමිණිල්ලකට අනුව එගොඩඋයනේ ඥානවිමල සහ මව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

ඥානවිමලගේ මේ ක්‍රියාව දැනගත් වහාම ගම්වාසීන් විශාල වශයෙන් විහාරස්ථානයට රැස්වී කෑ කෝ ගසමින් ඔහුට නැවත ගමට එන්නට එපායැයි කියා සිටියහ. මේ කලබලය හේතුවෙන් විශේෂ පොලිස් බල ඇණි කැඳවීමට ද සිදුව ඇත.

දැරිය පවසා ඇත්තේ තමන්ට අතවර කළ මොරටුව එගොඩඋයන බෝධිරාජරාමයේ ඥානවිමලට සුප්‍රිම් කෝට් නමැති මහල් නිවාස සංකීර්ණයක් ද අයිති බවයි. ඥානවිමල හමුවීමට තම මව එහි යන බවත් තමන් ද කැටුව මව එහි ගිය අවස්ථාවක දී හිමියන් මවට යම් දෙයක් බීමට දී මවට නින්ද ගිය පසු තමන්ට අතවර කළ බව ද දැරිය පවසා ඇතැයි පොලිසිය අධිකරණයට කීවේය.

1 COMMENT

  1. බුද්මේධාගම විනාශකරන්නේ කාල කන්නි මයින් ජරාපක්ෂ පවුලට එකතුවෙලා දේශපාලනය කරන මේ වගේ කාලකණ්නි ගණයො තමයි. මුන්ව ආරක්ෂා කරන්නෙත් මයිනො සෙට් එකමයි. මේ රටටත්, ජනතාවටත්, පිරිසිදු බුද්ධාගමටත් තිබෙන විශාලම පිලිලෙ තමයි මේ කාලකණ්ණි ජරාපක්ෂ පවුල් , උන්ගෙ ඇම්බැට්ටයො හහ සිව්රට මුවාවෙලා බිස්නස් කරන ජරාපක්ෂ හිතවාදී ඝණගෙඩියො. මුන්ව ඵලෝල දාපු දවසට තමයි ලංකාවට හොදකලක් යන්නෙ. එතකං විනාසෙම තමයි. ජනථාවනි මුන්ව එලෝල දාල ලංකාව ශුද්ධ පවිත්‍ර කරන්ඩ ජාති, කුල , ආගම්, පක්ෂ , පාට භේද වලින් තොරව එකා වගේ එකතු වෙන්ඩ. මේ මහාපරිමාණයෙන් හොරාකාපු සහ තවමත් හොරාකන ජරාපක්ෂ නඩේම එලෝලම දාමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!