spot_img
spot_imgspot_img

රටක අධ්‍යාපන දිශානතිය වෙනස් කළ විදුහලක, උරුම කෞතුකාගාරය

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ආරම්භ වූ පැරණිතම පාසල් අතරින් එකක් වූ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ RICHMOND HERITAGE MUSEUM නමින් කෞතුකාගාරයක් අද (01) සවස 1.30ට විවෘත වෙයි.

රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවකු මෙන් ම කීර්තිමත් රසායන විද්‍යා ගුරුවරයකු වූ සිසිල් සූරසේන වසර ගණනාවක් තිස්සේ කෞතුකාගාරයක් ගොඩනැගීම සඳහා දක්වන ලද කැපවීම, පාසලේ ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන් සොයාගන්නා ලද කරුණු අනුව ඔහුගේම මඟ පෙන්වීමෙන් මේ කෞතුකාගාරය නිර්මාණය කර තිබේ.

මේ වනවිට වසර 147ක ඉතිහාසයකට හිමිකම් කියන රිච්මන්ඩ් විද්‍යාලයේ ඉතිහාසය සහ එහි වැදගත් කරුණු ඇතුළත් කෞතුකාගාරයක් බිහිකළ යුතුය යන අදහස මුළින්ම මතුව ඇත්තේ විද්‍යාලයේ 75 වැනි සංවත්සර වර්ෂයේ දී ය.

මෙම කෞතුකාගාරය ඉදිකිරීමේ කටයුතු සිදුවෙමින් තිබිය දී විද්‍යාලයේ ආරම්භය 1876 නොව 1814 යැයි පවසමින් කිසියම් පිරිසක් විසින් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමක් නිසා මෙම කර්තව්‍යය වසර ගණනාවක් තව දුරටත් ප්‍රමාද වන්නට විය.

එම මතය සාවද්‍ය බව තාර්කිකව සනාත කළ සිසිල් සූරසේන, කීර්තිමත් ආදි සිසුන්, හිටපු විදුහල්පතිවරුන්, කීර්තිමත් ආදි සිසුන්, වත්මන් සිසුන්ගෙන් සමන්විත පර්යේෂණ කණ්ඩායමක් සමඟ ජාතික ලේඛනාගාරය, කෞතුකාගාර දෙපාර්තමේන්තුව, මෙතෝදිස්ත සභාවේ ඓතිහාසික ලේඛන සහ පුස්තකාල පරිශීලනය කරමින් සහ පාසල් ප්‍රජාව සතුව ඇති අති මහත් ලේඛන සහ සිහිවටන සොයා ගවේෂණය කරමින් මේ කර්තව්‍යෙය් නිරත වූවේය.

රිච්මන් විද්‍යාලයේ පැරණි ගොඩනැගිල්ලක් වූ Chaplain House නමැති ගුරු නිවාසය නවීකරණය කර එහි RICHMOND HERITAGE MUSEUM නිර්මාණය කෙරිණි.

මෙම කෞතුකාගාරය අද (01) සවස විවෘත වන්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසයට අතිවිශාල දායකත්වයක් දැක්වූ රිච්මන්ඩ් විද්‍යාලයේ ඉතිහාසය සුරක්ෂිත කරමිනි.

(මේ සම්බන්ධ සවිස්තර වාර්තාවක් ඉදිරියේ දී rata.lk වෙතින් බලාපොරොත්තු වන්න)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!