6.8 C
New York

තෙල් මිල අඩුකරයි

Published:

ඉන්ධන වර්ග හතරක මිල අද (30) මධ්‍යම රාත්‍රිෙය් සිට අඩුකළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 135.00කින් අඩුකර ඇති අතර සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15.00කින් අඩුකර තිබේ. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7.00කින් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10.00කින් අඩුකර තිිබේ.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 310.00ක් වන අතර ලංකා සුපිරි ඩීස් ලීටරයක නව මිල රුපියල් 330.00ක් වෙයි. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 333.00ක් වන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 365.00ක් වෙයි.

ලංකා භූමිතෙල් ලීටරයක මිල තවදුරටත් නොවෙනස්ව රුපියල් 295.00ක් ලෙස පවතී.

Related articles

Recent articles

spot_img