spot_img
spot_imgspot_img

කරන්නාගොඩට සහ බිරිඳට ඇමෙරිකාවෙන් තහනමක්

පුවත්

විදෙස්

වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ සහ ඔහුගේ බිරිඳ ශ්‍රීමතී අශෝකා කරන්නාගොඩ දෙදෙනාට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කළ බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ දැක්වේ.

එහි සඳහන් වන්නේ විදේශ මෙහෙයුම් සහ අදාළ වැඩසටහන් සම්බන්ධ පනතේ 7031 (ඇ) වගන්තිය අනුව මෙම තීරණය ගත් බවයි.

වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරන කාලයේ දී දැඩි ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ වීම හේතුවෙන් එම කරුණු සළකා බලා මෙම තීරණය ගත් බව ද එහි දැක්වේ.

එම වෙබ් අඩවියේ දැක්වෙන්නේ වසන්ත කරන්නාගොඩ වෙත එල්ල වී තිබූ මානව හිමිකම් කඩවීමේ සිදුවීම් ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් විසින් ලේඛනගත කිරීමෙන් අනතුරුව මෙම චෝදනාව බරපතළ සහ විශ්වසනීය බවට තහවුරු කර ගැනීමෙන් පසු එවැනි තීරණයක් ගත් බබවයි.

ඇමෙරිකා එක්සත් ජනපදය මානව හිමිකම් ආරක්ෂා කිරීම, මානව හිමිකම් කඩකරන්නන් සඳහා දණ්ඩමුක්තිය අවසන් කිරීම, වින්දිතයින් සහ දිවි ගලවා ගත් අයගේ දුක් වේදනා පිළිගැනීම සහ ශ්‍රී ලංකාවේ අපරාධකරුවන් සඳහා වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා වන කැපවීම යළි තහවුරු කරන බව ද එම වෙබ් අඩවියේ දක්වා ඇත.

වසන්ත කරන්නාගොඩට පනවා ඇති තහනම සම්බන්ධව දැක්වෙන විස්තරයේ මෙලෙස ද සඳහන් වේ.

“එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකා රජය අතර වසර 75ක් පැරණි ද්වපාර්ශ්වික සබඳතාව පදනම්ව ඉතිහාසය, සාරධර්ම සහ නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා වූ කැපවීම මතය. අප අපගේ ද්විපාර්ශ්වික සබඳතාව අඛණ්ඩව ගොඩනඟා ගන්නා අතරම, ශ්‍රී ලංකාවට නිසි ලෙස සම්පත් හා පුහුණුව ඇති බව සහතික කරමින් මානව හිමිකම් ප්‍රමුඛස්ථානයේ තබා ගන්නා ආරක්ෂක ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම ඇතුළු යුක්තිය, වගවීම සහ ප්‍රතිසන්ධානය ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ කටයුතු කිරීමට අපි කැපවී සිටිමු.”

https://www.state.gov/designation-of-sri-lankan-governor-due-to-involvement-in-a-gross-violation-of-human-rights/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!